ඒකාබද්ධ වැටලීම් ජාලයක් රට පුරා වැඩ !

ඒකාබද්ධ වැටලීම් ජාලයක් රට පුරා වැඩ !

නීති විරෝධී අයුරින් මෙරටට ගෙන එන වටිනා භාණ්ඩ කොටු කර ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීරගේ උපදෙස් මත රහස් පොලිසිය සහ රේගුව මගින් වෙස් වලාගත් නිලධාරීන්ගෙන් සමන්විත වැටලීම් ජාලයක් රටපුරා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මෙම  වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් සමඟ සැකකරුවකු ඊයේ (31) රහස් පොලිසිය මගින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

මෙම වැටලීම් ඒකකය පිහිටුවා ඇත්තේ කාලයක් තිස්සේ මෙරටට හොර රහසේ ඉතා වටිනා මිලමුදල් රත්තරන් සහ වෙනත් භාණ්ඩ තොග පිටින් ගෙන එනු ලබන බැවින් ඉන් මෙරටට ලැබිය යුතු කෝටි සිය ගණනක රේගු ආදායමක් නොලැබී යාම සැළකිල්ලට ගෙනය.

තව දුරටත් මේතරම් විශාල ධන හානියක් සිදුවීමට ඉඩ නොතබමින් පසුගියදා මංගල සමරවීර අමාත්‍යවරයා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ රේගු බලධාරීන් සමඟ සාකච්ජා පවත්වා මෙසේ හොර රහසේ රට තුළට ගෙන එන භාණ්ඩ ඇතුළු වටිනා ද්‍රව්‍ය කොටු කර ගැනීමට දැනට ක්‍රියාත්මක වන වැටලීම්වලට වඩා වෙනස් ‍ක්‍රමයක් අනුගමනය කිරීමට තිරණය කරතිබේ.
 

එසේ තීන්දු කරගත් පරිදි රහස් පොලිසියේ සහ රේගුවේ වෙස්වලාගත් වැටලීම් නිලධාරීන් යොදවා මෙහෙයුම් ආරම්භ කර තිබුණි. එම වැටලීම් ආරම්භ වී දින කිහිපයකින් මේ ආකාරයෙන් රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ විස්සක් සමඟ එම විදේශිකයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ඩුබායි සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු වූ මේ පුද්ගලයා විසින් ඔහු‍ගේ ඇඳුම්වල සඟවාගෙන මේ රත්තරන් තොගය ගෙනවිත් ඇත. වයස අවුරුදු 47ක් වූ මේ සැකකරු බෝසාලේ ධර්මරාජ් ගංගාධුර් නමැති අයෙකි. මොහු ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඉන් පිටට යාමට සිටියදී ඉහත සඳහන් වෙස් වලාගත් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු නිතර නිතර මෙසේ මේ රත්තරන් ඇතුළු වෙනත් වටිනා භාණ්ඩ ගෙන එන පුද්ගලයකු යැයි රහස් ‍ පොලිසිය සැක කරයි. මොහුගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න