මහින්ද-මෛත්‍රී හවුලකට : පොහොට්ටු - ශ්‍රීලනිප දැඩි විරෝධය

මහින්ද-මෛත්‍රී හවුලකට : පොහොට්ටු - ශ්‍රීලනිප දැඩි විරෝධය

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවක් ඇති කිරීම සඳහා වන උත්සාහයට ඒකාබද්ධ විපක්ෂයෙන් මෙන්ම ශ්‍රී.ල.නි.ප. මෛත්‍රී හිතවාදී ජ්‍යෙෂ්ඨයන්ගෙන්ද ප්‍රබල විරෝධයක් එල්ල වී ඇතැයි දේශය මාධ්‍ය වාර්තාවක දැක්වෙයි.

එම පුවතට අනුව මෛත්‍රී මහින්ද එකඟතාවක් ගොඩනැගීම සඳහා 15 කණ්ඩායමේ පිරිසක්, පොහොට්ටු පිරිසක් රහස් සාකච්ඡා අරඹා ඇත්තේ  මෙයට මාසයකට පමණ පෙර වන අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජනාධිපති මෛත්‍රී පසුගියදා මහින්දගේ සොහොයුරාගේ අවමංගල්‍ය සඳහා මැදමුලනට ගිය ගමනද මෙම කතාබහේම ප්‍රතිඵලයක් බව මෛත්‍රී හිතවාදීහු පවසති.

මහින්ද මෛත්‍රී සමගි කොට සුදුසු පරිදි තනතුරු බෙදාගෙන ජනපතිවරණයට ඉදිරිපත්වීමට අදාළ කතාබහ ගෙනයන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා මහත්වරුන් ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් සිව් දෙනෙකි. ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟද ඔවුහු පසුගිය සතියේ මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක නිරත වූහ.

එහෙත් මෙම කතාබහ තීරණයකින් තොරව හමාර වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් ගණනාවක්ම පොහොට්ටුවෙන්ම ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි දැඩි ස්ථාවරයක් දැරීම නිසාය. මහින්ද රාජපක්ෂ මහතාද එම මතයට සහය පළකර තිබිණි.

ඒ අතර ශ්‍රී.ල.නි.ප.ය හා එ.ජා.ප.ය නැවතත් හංසයා ලකුණින් පොදු පෙරමුණක් ලෙස තරග කළ යුතු යන මතය ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී හිතවාදී මන්ත්‍රීහු තරයේම ප්‍රකාශ කරති. ඔවුහු මේ සඳහා ක්‍රියාත්මක කළහැකි සැලසුමක් සෑදීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙයට ශ්‍රී.ල.නි.ප.යේ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ ආදී ජ්‍යෙෂ්ඨ ඇමැති පිරිසක් එක්ව සිටිති. එ.ජා.ප.ය වෙනුවෙන් මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් මහත්වරුන් මෙම කතාබහට එක්ව සිටින බව ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

රාජපක්ෂවරැන් හා මෛත්‍රී හිතවාදීන් අතර සුහදතාවට විරෝධය පළකරන මෙම පිරිස අනාගත රජයක තනතුරු බෙදාගත යුතු ආකාරය ගැනද සාකච්ඡා කරමින් ඇතැයි සඳහන් වෙයි. එහෙත් මේ ආකාරයට එ.ජා.ප.ය සමඟත් මහින්ද හිතවාදීන් සමඟත් ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් දෙපිරිසක් පවත්වාගෙන යන සාකච්ඡාවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි තවමත් පැහැදිලි නැතැයිද මෛත්‍රීට සමීප ආරංචි මාර්ග කියයි.

(දේශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න