දේශප්‍රේමී රාජපක්ෂලා ශ්‍රී ලන්කන් සල්ලි විදෙස් රටවලට ඇද්ද හැටි හෙළිවේ  !

දේශප්‍රේමී රාජපක්ෂලා ශ්‍රී ලන්කන් සල්ලි විදෙස් රටවලට ඇද්ද හැටි හෙළිවේ  !

ශ්‍රීලන්කන් ගුවන් සේවය යටතේ ලෝකයේ රටවල් විස්සක පමණ වෙසෙන සාමාන්‍ය වෙළෙඳ ඒජන්තවරුන්ට ගුවන් සේවයේ කීපදෙනකු රිසි සේ සිදුකළ අන්තර්ජාල ගෙවීම් (IBE Payments) හේතුවෙන් රුපියල් මිලියන අසූහතරක විදේශ විනිමය ශ්‍රී ලංකාවෙන් පිටවී ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.

ඒ පසුගියදා  ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කළමනාකාරිනී (ආදායම්) උපේකා අවන්ති අබේසේකර විසින් ශ්‍රී ලන්කන් - මිහින් ලංකා  ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි හරහාය.

රජයේ අධිනීතිඥ චතුර ගුණතිලකගේ විමසීම් හමුවේ  ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කළමනාකාරිනී   සාක්ෂි ලබාදෙමින් තව දුරටත් පවසා ඇත්තේ  අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව ගුවන් සේවයේ අභ්‍යන්තරයේ යම් උදවියගේ තීරණ තීන්දු මත මෙම කටයුතු සිදුව ඇති බවය.

වසර 2013 අප්‍රේල් සිට වසර 2015 ජූනි දක්වා කාල පරාසයකට මේ ගෙවීම් සිදුකර තිබෙන්නේ අත්පොතට සංශෝධන කිසිවක් සිදු නොකර අත්පොත උල්ලංඝනය කරමින් බවත් සාක්ෂිකාරිය කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්ෂි මගින් අනාවරණය වී තිබේ.

තවද මේ ගෙවීම් ලබාගැනීම සඳහා සාමාන්‍ය අලෙවි ඒජන්තවරුන්ගේ නියෝජනයන් නැති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳ වාණිජ අංශයෙන් විමසීමක් කළවිට ඒ සඳහා පිළිතුරක් නොලැබුණ බවත් සාක්ෂිකාරිය සඳහන් කර ඇත.

 ගුවන් සේවය අභ්‍යන්තරයේ කිහිපදෙනකුගේ තීන්දු තීරණවලට අනුව අත්පොත උල්ලංඝනය කරමින් සිදුකර තිබෙන මෙම  ගෙවීම් සම්බන්ධව උදාහරණයක් දක්වමින් සාක්ෂිකාරිය තවදුරටත් පවසා ඇත්තේ  ගුවන් මගීන්ගේ මැලේසියාවේ ගමනාන්ත ආදායම සීයට තිහක ප්‍රතිශතයක් ලෙස සටහන් වුවහොත් අන්තර්ජාල ගෙවීම් ලෙස සීයට දෙකයි දශම පහක ප්‍රතිශතයක් ගෙවීමට හැකි නමුත් ඒ ආකාරයේ සිදුවීමකින් තොරව රුපියල් මිලියන තුනයි දශම අටක් මැලේසියාවේ සාමාන්‍ය වෙළෙඳ ඒජන්තට ගෙවීම් සිදුකර තිබෙන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න