බිමිස්ටෙක් ගිය ජනාධිපති නේපාල සබඳතා ශක්තිමත් කරගනී !

බිමිස්ටෙක් ගිය ජනාධිපති නේපාල සබඳතා ශක්තිමත් කරගනී !

ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සබඳතාවක් ගොඩනගා ගනිමින් දෙරටේම පොදු ජනතාවගේ යහපත උදෙසා අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට දෙරටේ නායකයන් එකඟවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර බිමිස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට  සහභාගිවීමට නේපාලයට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  සහ නේපාල අග‍්‍රාමාත්‍ය කේ.පී.  ඕලි මහතා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා අද (01) පස්වරුවේ පැවැත්වුණු බවත්  එහිදී නායකයින් මේ පිළිබඳ සාකච්ඡා කළ බවද එහි සඳහන්ය.

අදාල නිවේදනයේ සඳහන් වන ආකාරයට නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භවී ඇති අතර ශ‍්‍රී ලංකාව   සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා  සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ  එහිදී නායකයින්ගේ අවධානය යොමුව ඇත.

දෙරට අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා  තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරට අතර පවතින ඒකාබද්ධ කොමිසමේ කටයුතු සකී‍්‍රය කර ගනිමින් වඩා සමීප සබඳතාවයක්  ගොඩනගා ගැනීම පිළිබඳවද  එහිදී නායකයින්ගේ අවධානය යොමු ව ඇත.

එමෙන්ම ලූම්බිණිය වැදපුදා ගැනීමට පැමිණෙන ශ‍්‍රී ලාංකික බැතිමතුන්ගේ පහසුකම් පුළුල්  කර ගැනීම පිළිබඳවද  මෙහිදී ජනාධිපතිවරයා  නේපාල අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබේ.

තවද ජාත්‍යන්තර වේදිකාවේ දී  වඩා සමීපව කටයුතු කිරීමට ද දෙරටේ නායකයින් ප‍්‍රතිඥා දුන් අතර කලාපීය කටයුතුවලදී ද වැඩි සහයෝගයකින් කටයුතු කිරීමට එකඟව ඇති අතර බිම්ස්ටෙක් සංවිධානයේ කටයුතු පිළිබඳව ද මෙහිදී නායක දෙපළ අතර විශේෂ අවධානයක් යොමුව ඇත.

බිමිස්ටෙක් සංවිධානයේ නව සභාපති ධූරයට පත්වීම පිළිබඳ  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ නේපාල අග‍්‍රාමාත්‍යවරයා එම කටයුතු සාර්ථක කර ගැනීමට තම උපරිම සහය ලබාදෙන බව ද ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයෙකු ලෙස බිමිස්ටෙක් සංවිධානයේ කටයුතු ඉතා ශක්තිමත්ව සහ අර්ථවත්ව ඉදිරියට මෙහෙයවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට හැකියාව ලැබෙනු ඇති බවට ද නේපාල  අග‍්‍රාමාත්‍යවරයා සිය විශ්වාසය පළ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න