පත්වීම් භාරනොගත් උපාධිධාරීන්ට රස්සාවට තට්ටු වෙයි ! 

පත්වීම් භාරනොගත් උපාධිධාරීන්ට රස්සාවට තට්ටු වෙයි ! 

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගෙන් මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලු දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය 20 වන දා  රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගෙන් මෙතෙක් පත්වීම් භාරනොගත් පිරිසේ පත්වීම් මෙලෙස අවලංගු කිරීමට තීරණය වී ඇති අතර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අසංග දයාරත්න සඳහන් කරන ආකාරයට අදාළ පත්වීම් භාර ගැනීමට දුන් කාලය මීට දින තුනකට පෙර අවසන්ව තිබේ.

කෙසේ වෙතත් සානුකම්පිතව සලකා බලා ඊයේ (31) පස්වරුව දක්වා උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාව සලසා දුන් බවද අතිරේක ලේකම්වරයා සඳහන්කර ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව  පසුගිය 20 වන දා රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා රැකියා විරහිත උපාධිධාරීන් 4100ක් බඳවා ගෙන තිබුණු අතර පත්වීම් භාරනොගැනීම හේතුවෙන් අවලංගු කළ පත්වීම් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට යළිත් වරක් සම්මුඛ පරීක්ෂණ පවත්වන බවද අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර උපධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළේ දෙවැනි අදියර ලබන නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන බව ද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. ඒ අනුව බඳවා ගැනෙන උපාධිධාරීන් සංඛ්‍යාව 15000කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න