ව්‍යවසායකත්ව අපේක්ෂා 5000ක් මොණරාගල දී මල්ඵල ගැන්වෙයි !

ව්‍යවසායකත්ව අපේක්ෂා 5000ක් මොණරාගල දී මල්ඵල ගැන්වෙයි !

නව ව්‍යවාසයක පරපුරක් බිහි කිරීමේ අරමුණින් මොණරාගල දී පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ අවසන් දිනය නිමා වන විට 5000කට ආසන්න පිරිසක් විවිධ ණය යෝජනා ක්‍රම සඳහා ලියාපංදිචි වී සිටින බව වාර්තා වෙයි.

ප්‍රදර්ශන පරිශ්‍රයේ අංක 02 හි පිහිටා තිබූ ව්‍යාවසායකයන්ගේ කලාපය වෙත ඉහළ ජනතා  ප්‍රතිචාර හිමිව තිබූ අතර  රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කුටිවලට අමතරව මෙම කලාපය තුළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීම් ද සිදු කෙරිණි.

ඒ අතරින් ගොවි නවෝදා ණය යෝජනා ක්‍රමය පිළිබඳ ජනතාව තුළ දැඩි උනන්දුවක් තිබීම විශේෂත්වයකි.

තවද ණය ලබා ගැනීම සඳහා ජනතාවගේ වැඩි ආකර්ෂණයක් යොමුව පැවතියේ  රාජ්‍ය බැංකු වෙත වීමද විශේෂත්වයක් විය. ඒ අතරින් ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන වෙත ඉහළ ම ජනතා සහභාගීත්වයක් ලැබී තිබිණ. 

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය පැවැති දින තුන තුළ මෙම රාජ්‍ය බැංකු ශාකා දෙක තුළින් පමණක් විවිධ ණය යෝජනා ලබා ගැනීම සඳහා මූලික ලියාපදිංචිය ලබා ගත් පිරිස 3000කට අධික වීම විශේෂත්වයකි. මීට අමතරවට මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ණය ලබා ගැනීම සඳහා මූලික ලියාපදිංචිය සිදු කළ පිරිස 1000කට ආසන්නය.

සෙසු පිරිස ලංකා පුත්‍ර, හැටන් නැෂනල්, කොමර්ෂල් යන පෞද්ගලික බැංකුවලින් ණය ලබා ගැනීම සඳහා මූලික ලියාපදිංචිය ලබා ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න