එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයෙන් කාන්තා ව්‍යවසායකත්වය බිහි කිරීමට විශේෂ අවධානයක් !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයෙන් කාන්තා ව්‍යවසායකත්වය බිහි කිරීමට විශේෂ අවධානයක් !
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුළ කාන්තා ව්‍යවසායකත්වය බිහි කිරීමට විශේෂයෙන් ම ක්‍රියා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.
ඒ සඳහා බැංකු සමඟ එක්ව සහන පොළි ණය ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා  මොනරාගල දී පෙරේදා (31) අවසන් වූ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට එක්වෙමින් කියා සිටියේය.
සති මැද දින තුනක් තුළ පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික  ප‍්‍රදර්ශනයට ලක්‍ෂ පහකට අධික විශාල ජන සහභාගීත්වයක් ලැබීම එහි සාර්ථකත්වය විදහාපාන කදිම සාක්‍ෂියක් වන අතර  පන්දහසකට අධික සංඛ්‍යාවක් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ව්‍යවසායක ලියාපදිංචිය ලබාගෙන තිබීමද විශේෂත්වයක් විය.
සාමාන්‍යයෙන් මෙවැනි ජාතික ප‍්‍රදර්ශන වලට වැඩි වශයෙන් සහභාගි වන්නේ රාජ්‍ය ආයතන පමණක් වන නමුත්  එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනයට පෞද්ගලික ආයතන වල දායකත්වය ඉතා ඉහළින් ලැබී තිබෙණු දක්නට ලැබුණු අතර  රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව විවිධ ව්‍යවසායික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබීමද අතිශය වැදගත් කාරණයකි.
මෙහිදී  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ කාන්තා කාර්යාංශය ඬේවිඞ් පීරීස් සමූහ ව්‍යාපාරය සමඟ තුන් මසක කාර්මික හා තාක්‍ෂණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කර තිබුණු අතර  මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් තෝරාගත් කාන්තාවන් හැත්තෑ දෙනෙකු මීට අයත්ය.
මෙම තාක්‍ෂණික හා කාර්මික පුහුණුව යටතේ ත‍්‍රීරෝද රථ අළුත්වැඩියාව, නඩත්තුව හා අමතර කොටස් අලෙවිය පිළිබඳ තුන් මසක සම්පූර්ණ ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා. කාන්තාවන් ව්‍යවසායකයින් බවට පත් කොට සමස්ථ සමාජයම සවිබල ගැන්වීමේ මෙම වැඩසටහනට අමාත්‍ය මංගල සමරවීර  ද එක්වුනු අතර  එහි දී පුහුණුලාභිණියන් ඇමතූ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ සාම්ප‍්‍රදායික රැකියා වලින් ඔබ්බට ගොස් මෙවන් කාර්මික පුහුණුවකට යොමු වීම ඉතා ඉහළින් අගය කරන බවය. 
තුන් මසක පුහුණුව සාර්ථකව අවසන් කරන කාන්තාවන්ට ඉතා සහන පොළි ක‍්‍රමයක් යටතේ කඩිනමින් ණය ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්නැයි කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා චම්පා උපසේන මහත්මියට සහ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාට මෙහි දී අමාත්‍ය මංගල සමරවීර මහතා උපදෙස් ලබාදුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න