සංක්‍රමණික දේශපාලනයක් රටට අවශ්‍ය නෑ - අනුර 

සංක්‍රමණික දේශපාලනයක් රටට අවශ්‍ය නෑ - අනුර 

ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ කියන්නේ සංක්‍රමණික පුරවැසි දේශපාලනඥයින් බවත් එවැනි  සංක්‍රමණික දේශපාලනයක්  රටට අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන්කර තිබේ.

"ගෝඨාභයලා බැසිල්ලා මාස කිහිපයක් මේ රටේ දේශපාලනය කරනවා. නැවත විදෙස් රටට ගිහින් එහෙ ඉන්න ඥාතීන් බලලා, වතුපිටි ගේදොර අස්පස් කරලා, නැවත මාස කිහිපයකින් මේ රටට එනවා. මේ තමයි සංක්‍රමණික පුරවැසි දේශපාලනය. ඔවුන් ද්විත්ව පුරවැසි බව ලබා සිටියත් ගමන් බලපත්‍රයේ සිට ජීවිතයේ ප්‍රධාන සියල්ල තියෙන්නේ ඇමරිකා එකසත් ජනපදයේ. 

බැසිල් රාජපක්ෂ වරක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා තමන් කිසිසේත්ම ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්න සූදානම් නැති බව. ජනතාව මෙය තේරුම් ගත යුතුව තිබෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න