අසරණ රෝගී ජනතාවට වැඩි මිලට ඖෂධ විකිණීම මොන දේශප්‍රේමයක්ද ?- සජිත් 

අසරණ රෝගී ජනතාවට වැඩි මිලට ඖෂධ විකිණීම මොන දේශප්‍රේමයක්ද ?- සජිත් 

යහපාලන රජය විසින් පිළිකා රෝගය ඇතුළු රෝග රැසක ඖෂධ මිල 40 % කින් අඩු කරන විට දේශප්‍රේමී දේශාලයෙන්, සාටක මානයෙන් රට පාලනය කළ පසුගිය නායකයින් රෝගීන්ගෙන් ඖෂධවලට වැඩි මුදලක් අයකළේ ඇයි දැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  ප්‍රශ්න කරයි.
 
පසුගිය රජය සමයේදී නායකයින්ගේ අනුදැනුම මත අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල කෘත්‍රිමව වැඩි කළේ එදා තිබූ ඖෂධ මාෆියාව හරහා ලොකු ලොක්කන්ට කොමිස් මුදල් හිමිවූ නිසා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 
‘ආරෝග්‍යා පරමා ලාභා’ යනුවෙන් බුදුරජාණන් වහස්සේ දේශනා කළ පරිදි ජනතාව ගැන සිතා යහපාලන රජය ඖෂධ මිල අඩු කරන විට, ආණ්ඩුව පෙරළීමට කොළඹට සෙනඟ ගෙන්වීමට සැළසුම් කරන විරුද්ධවාදීන් සිතනුයේ බුරියානි මත්පැන් පරමා ලාභා ගැන පමණක් බව කී අමාත්‍යවරයා බුදු දහමේ එන ‘ආරෝග්‍යා පරමා ලාභා’ සංකල්පය අනුගමනය කරන යහපාලන රජයේ ප්‍රතිපත්තියද, නැතහොත් ජනතාව කොළඹට ගෙන්වීමට ලබා දෙන බුරියානි මත්පැන් පරමා ලාභාද වඩා වැදගත් වන්නේ කියා තීන්දු කිරීම ජනතාව සතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, වැදිවැව, රුහුණුපුර ප්‍රදේශයේ ඉදිවන “සවිමුතුගම”,  “සඳදියගම”,  “සෙල්මැලිගම”,  “සිසිකුමුදුගම”  හා “සිරිඋයන්ගම” යන උදාගම්මාන 5ට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (02) දින සහභාගී වෙමිණි.
 
‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1129, 1130, 1131, 1132 සහ 1133 වන ආදර්ශ ගම්මාන මේවා වේ.
“සවිමුතුගම”,  “සඳදියගම”,  “සෙල්මැලිගම” හා  “සිසිකුමුදුගම” යන ගම්මාන 4 හි නිවාස 25 බැගින් ඉදිවන අතර “සිරිඋයන්ගම” ගම්මානය නිවාස 23 කින් සමන්විතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න