අල්ලස් කොමිසමෙන් අලුත් වෙබ් අඩවියක්

අල්ලස් කොමිසමෙන් අලුත් වෙබ් අඩවියක්

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නිර්මාණය කළ නව වෙබ් අඩවිය (ciaboc.gov.lk) පසුගිය 20 වනදා ජනගත කරනු ලැබීය.

 තොරතුරු දැන ගැනිමේ පනතේ ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය සතු විශේෂත්වය වන්නේ වර්ණ අන්ධතාවයෙන් පෙලෙන පුද්ගලයන්ට සහ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට සිය අවශ්‍යතාවය අනුව සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් තොරතුරු ග්‍රහනය කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබීමය.

එසේම විවිධ ක‍්‍රම 8 ක් ඔස්සේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි යොමු කිරීමේ හැකියාව ඇතුළුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් කරන ලද වැටලීම් , අධිකරණයේ දෛනික කැදවන සහ විභාග වන නඩු කටයුතු , අධිකරණය විසින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තින්දු, නිවාරණ වැඩ සටහන් මෙන්ම අන්තර් ජාතික සබදතා පුහුණු වැඩමුළු ඇතුළු තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මේ හරහා සලසාදී ඇත.

එසේම මෙම වෙබ් අඩවිය තුළ කුඩා දරුවන් යොවුන් පරපුර සහ වැඩිහිටි පිරිස කේන්ද්‍ර කරගනිමින් විශේෂිත කවුළු ත්‍රිත්වයක් මෙන්ම වෙබ් අඩවියේ මුල් පිටුවේ ප්‍රදර්ශිත කවුළු ඔස්සේ අල්ලස් කොමිෂන් සභාවේ සිදුවු නවතම සිදුවීම් නිරීක්ෂණය කිරීමට අවකාශයන්ද සලසා ඇත.

මෙම අවස්ථාව සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ශේ‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසුරිය, කොමසාරිස් අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ලාල් රංජිත් ද සිල්වා , කොමසාරිස් නෙවිල් ගුරුගේ සහ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේද, සිවිල් සංවිධාන හා මාධ්‍ය ආයතන රැසක් සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න