රතන හිමි සීමාව ඉක්මවා වැඩලා

රතන හිමි සීමාව ඉක්මවා වැඩලා

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීම සම්බන්ධව විරෝධය පළකරණ රතන හිමියන්ගේ අපේක්ෂාව ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවය අර්බුදයට යැවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ශ්‍රීලනිප ප්‍රකාශකයකු මේ බව සඳහන් කර සිටියේ ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට කටයුතු කළහොත් ජනාධිපතිවරයාට එරෙහිව ජන බලයක් ගොඩනගන බවට පුජ්‍ය අතුරලියේ රතන හිමි සිදුකළ ප්‍රකාශය සම්බන්ධව අප කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමින්ය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රීලනිප ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ තේ සම්බන්ධ තහනම ඉවත් කර ගැනීම මේ මොහොතේ තම රජයට ඉතා වැදගත් කාරණයක් වන බවත් ඒ සම්බන්ධව ගනු ලබන තීන්දු තීරණ වලට හරස්වීම හරහා රතන හිමියන් සිය පෞද්ගලික න්‍යායපත්‍රයක සිට සීමාව ඉක්මවා කටයුතු කරන බවක් පෙනෙන්නට ඇති බවය.

එසේම ඇස්බැස්ටෝස් තහනම් කිරීමට තීරණය කිරීම සහ පසුව එම තීරණය තාවකාළිකව ඉවත් කිරීම කැබිනට් මණ්ඩලය ගනුලැබූ සාමුහිඛ තීරණයක් මිස ජනාධිපතිවරයාගේ පෞද්ගලික තීරණයක් නොවන බවත් මේ මොහොතේ 2015 ජන වරම ආරක්ෂා කරන කඳවුර නියෝජනය කරනවා නම් ආණ්ඩුවේ පොදු තීන්දු තීරණ පිළිගැනීමට අවශ්‍ය බවද එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න