ජනප්‍රිය පුවත්පත් දෙකක් හා වෙබ් අඩවියක් බැසිල් යටතට !

ජනප්‍රිය පුවත්පත් දෙකක් හා වෙබ් අඩවියක් බැසිල් යටතට !

ලංකාවේ ජනප්‍රිය පුවත්පත් ආයතන දෙකක් හා ජනප්‍රිය වෙබ් අඩවියක් මිලදී ගැනීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසක් මේවනවිට කටයුතු කරමින් සිටින බව 'නිව්ස් ටියුබ්' වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

මෙම මාධ්‍ය ආයතන මිලදී ගැනීමට සුදානම් වන්නේ, මේවනවිට ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමිනි.

මෙසේ මිලදී ගැනීමට යන එක් පුවත්පත් ආයතනයක් රාජපක්ෂවරුන්ගේ සහයෙන් නඩත්තුකර ගෙන ගියද මේ වනවිට බරපතල ලෙස පාඩු ලබමින් පවත්වා ගෙන යනු ලබන්නකි.

මෙහි විශේෂම කාරණය වන්නේ, ශ්‍රීලනිප ප්‍රබලයකු විසින් පවත්වාගෙන යන සති අන්ත දේශපාලන පුවත්පතක් ද මිලට ගැනීමට ද බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්කරුවන් සාකච්ජා පවත්වමින් සිටීමයි. අතරමැදියකු මාර්ගයෙන් එම මිලදී ගැනීම සිදුකිරීමට මේවනවිට සාකච්ජා ආරම්භවී ඇත.

ඒ අතර එජාප ප්‍රබලයකුගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන ජනප්‍රිය වෙබ් අඩවියක් ද මිලදී ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් ව්‍යාපාරිකයින් සාකච්ජා කර ඇති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න