රුපියලේ අවපාතය, ආර්ථිකයේ කඩා වැටීමක් හැටියට පෙන්වීමට ඇතැම් අය උත්සහ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
වරාය හ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් සහ එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත යටතේ නියෝගයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර එම විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය මංගල සමරවීර ,
“මේ රට නිවැරැදි දිශාවකට ආර්ථික වශයෙන් ගමන් කරන බව පෙන්වා දිය හැකියි. අපනයනය ප්‍රතිශතය 2017 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3ක් දක්වා වැඩි වුණා. සියල්ල එකතු කළ විට 15.8ක අපනයන වර්ධනයක් තිබෙනවා.
වහන බද්ද එන්ජින් ධාරිතාව අනුව අය කරන්න තීරණයක් ගත්ටා. ඒ තුළින් පෙර තිබූ හොර වංචා සම්පූර්ණයෙන් ම වැසුණත් ඒ තුළින් 1000 CC වඩා වහන වල රුපියල් ලක්ෂ 10 කට වඩා අඩු වූ නිසා මේ වසරේ පලමු මාස කීපය ඇතුළත වාහන සුනාමියක් ලංකාවට එනව දැක්කා.
අපි ඒවට යම් බද්දක් පැනෙව්වා. විදේශ විනිමය පිටරටට ගලා යෑම තුළින් ජාත්‍යන්තර ප්‍රශ්න ප්‍රශ්නවලටත් බලපෑවා. ඒ නිසා 1000 සී. සී. අඩු එවාට බදු දාලත් පසුගිය රජයට වඩා ලක්ෂ හතරකින් පමණ ඒ වාහනවල මිල අඩුයි.
විදෙස් විනිමය පිටරටට ගලා යෑම අවම කිරීමට තුළ වාහන ගෙන් වීම අවම වෙයි කියා සිතනවා. ඉන්දියාව පවා ප්‍රශ්නයකට මුහුණ දෙනවා. රුසියාවෙත් මෙම ගෝලීය තත්ත්වය නිසා රූබලය සියයට 18.2%කින් අඩු වී තිබෙනවා.
බ්‍රිසීලය සියයට 24.4%කින් පහල වැටී තිබෙනවා. මේ සියල්ල ඉදිරියේ ශ්‍රී ලංකාව මේ වනවිට සියයට 7.4%කින් පහළ ගොස් තිබෙනවා.
රජය ආර්ථික සුරක්ෂතාවයට වැදගත් පියවර රැසක් ගෙන තිබෙනවා.වාර්තාගත විනිමය 2018 වනවිට බිලියන ඇ.ඩො.බිලියන 9.9 බිලියන තිබුණා.ණය ගෙවලත් මේ වනවිට විදේශ විනිමය සංචිතය 8.6ක මට්ටමක තිබෙනවා.
1950 ගණන්වලින් පසුව ප්‍රථම වරට ප්‍රාථමික ගිණුමේ සියයට 01ක අතිරික්තයක් අපට පෙන්වන්න පුළුවන් වුණා. මේ වසරෙත් එම අතිරික්තය ඒ ආකාරයෙන් ම ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. උද්ධමනය සියයට 3.4%කට පාලනය කර ගන්න හැකි වී තිබෙනවා.
සමහර වෙලාවට විපක්ෂයේ අය කියනවා, අපි රුපියලේ අගය ආරක්ෂා කරන්න මහබැංකුවේ විදේශ විනිමය විකුණුවොත් පාලනය කරගන්න පුළුවන් කියලා.
මතක තබා ගන්න ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමානයක් අප මේ වසරේ ගෙව්වා වගේම 2020 දී ඇ.ඩො.බිලියන 4.5ක් ණය වශයෙන් ගෙවන්න තිබෙනවා.මේ ණය වලින් සියයට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ රාකපක්ෂ රෙජීමයෙන් ගත් ණයයි.
ඒවා අප කරගහගෙන විධිමත්ව ඒවා ගෙවාගෙන යනවා.වැඩි කලක් නොගොස් රාජපක්ෂ ණය උගුලෙන් රට බේරාගන්න පුළුවන්. මේ අය කියන විදියට අපි ණය ගෙවන්න තියාගෙන ඉන්න බිලියන 8.9 ඩොලරය පාලනය කරන්න වික්කා නම්,අපිටත් තුර්කිය ආජන්ටිනාව ගිය පාරෙම, යන්න වෙනවා.
2011 ලෝකයේ ආර්ථිකය මේ තරම් දරුණු නොවන යුගයක මේ අය ඇ.ඩො. බිලියන 3.1ක් වෙළඳ පොලට දැම්මා.රුපියල බේරාගන්න දැම්මා. මොකද වුණේ? එදා රුපියල ආරක්ෂා කරනව කියලා කළේ විදේශ සංචිත විකිණීමයි. දැන් කතා කරන අයගේ ඉතිහාසය මෙය යැයිද අමාත්‍යවරයා පැවසී ය.
ඇමරිකාවේ පොළී අනුපාත ඉහළ ගිහින් - හර්ෂ
මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහලයාමට බලපා ඇති ප්‍රධාන හේතුව ඇමෙරිකාවේ පොලී අනුපාතය ඉහළයාම බව යි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 7.7කින් අවප්‍රමාණය වී ඇති බවත් කෙසේවෙතත් රුපියල අවප්‍රමාණය වීම කෘතිමව වැලැක්විම අනාගතයේදි වඩා අහිතකර ප්‍රතිඵල ගෙනදෙන්නක් විය හැකි බවතය.

