ගෝඨාභය ඉස්සීම මහින්දගේ කෝපයට

ගෝඨාභය ඉස්සීම මහින්දගේ කෝපයට

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරයේදී  ජනාධිපති අපේක්ෂකධූරය ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතා එකඟවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනකු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දේශපාලන හිතවතුන් සමග මහින්ද රාජපක්ෂ මහතා කේන්තියෙන් කතා කර ඇතැයි වාර්තා වෙයි.
 
සැප්තැම්බර් 15 වැනිදා කැබිතිගොල්ලෑවේ විහාරස්ථානයක උත්සවයකට ගිය අවස්ථාවේදී මාධ්‍ය විසින් කළ විමසීමකදීද මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකධූරය ලබා දෙන බව තමන් ප්‍රකාශ නොකළ බවයි. “ඒක අමු බොරුවක් මම එහෙම කිව්වේ නැහැ ඒක මවාගත්ත කාරණයක්” යැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී අදහස් පළ කර තිබුණි. අනිද්දා සමග අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පක්ෂ නායකයකු ප්‍රකාශ කළේ එම ප්‍රකාශයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කේන්තියෙන් සිටින බව පැහැදිළි වෙන බවයි.
 
සැප්තැම්බර් 18 වැනිදා පවත්වා ඇති ඒක්බද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සති පතා හමුවේදීද ඒ පිළිබඳ අදහස් පළ කර නොමැත.
 
ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා එකඟ නොවූවත් කෙසේ හෝ එම යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා එකඟ කරවාගැනීම සදහා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් උත්සාහ කරන බවත්, ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා දැඩි නොකැමැත්තකින් සිටින බවත් එම ප්‍රකාශකයා කීය.
 
මාධ්‍ය හරහා අදහස් පළ කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව සිටි ස්ථාවරය වෙනස් කරවීමට හැකි වූ බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියේ උදම් ඇනීම සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා නොසතුටෙන් පසුවන බව එම ප්‍රකාශකයා කීය. තමන්ගේ බලයට ඉහළින් ගම්මන්පිල ඇතුළු කණ්ඩායම කටයුතු කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ නොසතුටට හේතු වී ඇත.
 
අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න