හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට : ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට : ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග  ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානයට පාත්‍රව තිබේ.

මේ ගෞරව සම්මානය පාත්‍රවන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඇය වේ.

ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින තානාපතිතුමා  මේ ගෞරව සම්මානය ප්‍රංශ තානාපති නිවසේ දී විශේෂ උත්සවයක් පවත්වමින් ඊයේ (20 වැනිදා) ප්‍රදානය කෙරිණි. 

ජනාධිපති කුමාරතුංග 1994 සිට 2005 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ 4 වන විධායක ජනාධිපතිනිය ලෙස කටයුතු කළාය. ඊට පෙර ඇය බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය හා අගමැති ධුරය ඉසිලුවාය.

වර්තමානය වන විට හිටපු ජනාධිපතිනි කුමාරතුංග  De Madrid සංගමයේ සාමාජිකාවක වශයෙන් ද, global leader ship Foundation සාමාජිකාවක ලෙස ද, Clinton global initiative හි උපදේශිකාවක හා සාමාජික ලෙස ද, South Asian Policy and research institute and the office for national unity and reconcilliation in Sri lanka හි සභාපතිනිය ලෙස ද ගෞරව තනතුරු රැසක් දරන්නීය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන විද්‍යාව පිළිබඳ පැරීසියේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් හිමිකරගෙන තිබේ. ඇය ආචාර්ය උපාධිය සඳහා ආර්ථීක සංවර්ධනය පිළිබඳ 1970 - 1973 දක්වා කාලය තුළ පැරිසියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇත. මෙම උත්සවය සඳහා රට රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන්, මැති ඇමැතිවරුන්, විද්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.{gallery}ckb_sammana{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න