වගාවට හානි කරන වල් ඌරන්ගේ මස් අලෙවියට අවසර

වගාවට හානි කරන වල් ඌරන්ගේ මස් අලෙවියට අවසර

වල් ඌරු මස් ප්‍රවාහනය කිරීමට හා විකිණීමට මෙතෙක් පැවති තහනම ඉවත් කිරීමට රජය තීරණය කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසිය.

රජය අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇත්තේ කෘෂි බෝගවලට සිදුවන සත්ව හානිවලින් වැඩිම හානියක් සිදුවන්නේ වල්ඌරන්ගෙන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ සමීක්ෂණයකින් හෙළි වී ඇති පසුබිමකය.

කෙසේ වෙතත් මීට පෙර පැවති නීතිය වූයේ තම වගාවන්ට පැමිණෙන වල්ඌරන් මරා දැමීමේ අවසරයක් පමණි. ඒ යටතේ එම මස් අනුභවය, ප්‍රවාහනය හෝ විකිණීම තහනම් විය. අදාළ නීති සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රය ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න