මෛත්‍රී අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

මෛත්‍රී අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ට ජනාධිපති අපේක්ෂකධුරය ලබාදෙන ලෙස ඒකාබද්ධ පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණ යන පාර්ශව දෙකටම යෝජනා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයකදී ජයගත හැක්කේ ශ්‍රීලනිපයේ සහයෝගය ලැබෙන කණ්ඩායමට බවත්, ශ්‍රීලනිප සහයෝගය ලබාගැනීමට නම් ජනාධිපති අපේක්ෂකධූරය තමාට ලබාදෙන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයෙන් එම පක්ෂ දෙකටම දැනුම් දී ඇත. තම යෝජනාවට යහපත් ප්‍රතිචාරයත් ලැබුණහොත් කලින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාව තමාට තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
 
ඒකාබද්ධ පොදුජන පෙරමුණට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා හරහා එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාටද එම යෝජනාව ඉදිරිපත් කර ඇත. සජිත් ප්‍රේමදාස මහතාට සිදුකරන ලද යෝජනාවේදී තමන්ට ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහය දැක්වහොත් අගමැති අපේක්ෂකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.
 
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ පොදුජන පෙරමුණ යන දෙපාර්ශවයෙම වැඩි පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකධූරය ලබා දීම ගැන දැඩි නොකැමැත්තකින් පසුවන බවද එම පක්ෂවල ඉහළ පෙළේ සාමාජිකයෝ පවසති.
 
ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වුවහොත් ඔහු දැවැන්ත පරාජයකට ලක්වෙනු ඇතැයි ද එම පක්ෂ දෙකෙහිම මතය වී ඇත.
 
කෙසේ වෙතත් ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ජනප්‍රිය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසාත්, ගෝඨාභය රාජපක්ෂට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස විරුද්ධ නිසාත් එය වාසියට හරවා ගනිමින් ඒකාබද්ධ පොදුජණ පෙරමුණ සමග මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමේ වැඩි ඉඩක් ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. මේ වන ඒ සඳහා සැලසුම්ද සකස්වෙන බව වාර්තා වෙයි.
 
අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න