නියඟයෙන් පීඩාවට ජනතාවට රුපියල් මිලියන නවදහසක මුදලක්

නියඟයෙන් පීඩාවට ජනතාවට රුපියල් මිලියන නවදහසක මුදලක්

නියගයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පමණක් රුපියල් මිලියන නවදහසක මුදලක් වෙන්කර තිබෙන බව ජනපති පවසයි.

නියගයෙන් පීඩාවට පත්ව සිටින හාරලක්ෂ විසි දෙදහසක් පමණ වන ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පමණක් රජය රුපියල් මිලියන නවදහසක මුදලක් වෙන්කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර අදාළ සහන කටයුතු මෙම සතියේ සිට ආරම්භ කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇති අතර ඒ  එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු අද (21) පෙරවරුවේ ආරම්භ කරමිනි. 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කල නිවේදනයේ මෙසේද දැක්වේ. 

කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් බරපතළ පීඩාවන්ට පත්වන රටවල් අතරේ 04 වන ස්ථානයට අද ශ‍්‍රී ලංකාව පත්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන බව ද මෙහිදී සඳහන්  කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වයට මුහුණදීමට සහ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීමට රජය උපරිමයෙන් කටයුතු කරන බව ද  සඳහන්   කළේය. 

නියං සහනාධාර වැඩපිළිවෙළ පිළිබඳවද  මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ 2012 වසරේ උතුරු මැද පළාතට බලපෑ නිය`ගයේ දී එවකට පැවති රජය ජනතාවට පොරොන්දු රැුසක් ලබාදෙමින් පත්තර පිටු ගණන් දැන්වීම් පළ කළ ද එම ජනතාව වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදුන් බවයි. 

පසුගිය 2016-2017 වසරවල දි දිවයින පුරා බලපෑ නියගයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමට වත්මන් රජය රුපියල් මිලියන 15,000 කට වැඩි මුදලක් වැය කළ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.දේශගුණික සහ කාලගුණික විපර්යාසවලට මුහුණදීමට මෙම කෙටිකාලීන විසඳුම්  සේම දීර්ඝකාලීන විසඳුම්  ද අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය වත්මන් රජය ආරම්භ කළේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.

කහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශවල නියගයට මුහුණදී සිටින පවුල් අතරේ අඹු සැමි යුවළක් වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන කන බවට පළ වු මාධ්‍ය වාර්තාවක්  පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තමා ඒ  පිළිබඳ   සොයා බැලීමට වහාම නිලධාරියෙක් යොමු කළ බවයි.

එවැනි තත්ත්වයක් සිදුව ඇත්නම් ඊට දිස්ති‍්‍රක්කයේ මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද වගකිවයුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සියලූ මැති ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරින්ට අවධාරණය කළේ පීඩාවට පත් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ අඩු පාඩු සොයා බැලීමට කටයුතු කිරීම එම සියලූදෙනාගේ වගකීම බවයි.ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය අද මෙලෙස කි‍්‍රයාවට නැංවිණි.  එහි පළමු අදියර ලෙස මහවිලච්චිය සහ නොච්චියාගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැව් 17 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා  තෝරාගෙන තිබේ. ප‍්‍රතිසංස්කරණය කරනු ලබන එක් එක් වැව් ආශ‍්‍රිතව එම ප‍්‍රදේශයන්හි ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා  සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් ද මේ සමග ආරම්භ වනු ඇති අතර ඒ යටතේ කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු, සංචාරක කර්මාන්තය, අගය එකතු කළ නිෂ්පාදන ප‍්‍රවර්ධනය හා සමාජ සංවර්ධන කටයුතුවලට අදාළ උප ව්‍යාපෘති රැුසක් ද ක‍්‍රියාවට නැංවෙනු ඇත. 

වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සිදුකරන මෙම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවේ පළාත් ගණනාවකම දියත් කරමින් පවතින අතර, වැව් ප‍්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න