පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශගේ හා ප්‍රසන්න රණවීරගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද(21) උදෑසන 10 පාර්ලිමේන්තුව ආරම්භ වු අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයක් අතර තුළ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් පරීක්ෂණයක් සිදුකිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර, වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් අනතුරුව මෙම තීරණයට එළඹී තිබේ.
එම යෝජනාව අද දවසේ දී සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඒ අනුව තීන්දුව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු කිරීමට කථානායකවරයා තීරණය කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 4කට අත්හිටුවීමට පක්ෂව මන්ත්‍රීවරුන් 41 දෙනෙකු හා විපක්ෂව මන්ත්‍රීවරු 21 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 2 කට අත්හිටුවීමට පක්ෂව මන්ත්‍රීවරු 39 ක් හා විපක්ෂව 21 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු සේවා කාලය සති 2 කට හා ප්‍රසන්න රණවීර මහතාට සති 4කට අත්හිටුවීමට තීරණය කර තිබේ.

