හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගනය ඉදිකරමින් සිදු කළ විනාශය නිසා අවුරුදු ගණනාවකට මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටුන බවත් එම වංචාව සොයා බැලීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවන බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට මැදිහත් වන ලෙසත් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය
මන්ත්‍රීවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමිනි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
විවාදයේ දී අඳහස් දැක්වූ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා;
හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගනයට කළ විනාශය නිසා අවුරුදු ගනනවකට මූල්‍යමය වශයෙන් කඩාගෙන වටුණා. බිලියන 6ක් සූර්ය වැව ක්‍රීඩාංගනය හදන්න ගියා.එකේ පරීක්ෂණයක් කරන්න කිව්ව. අන්තිමට ආණ්ඩුව බාර ගත්තා ඒ ණය ගෙවන්න. මේ හොරු අදටත් අල්ලා ගන්න බෑ. සූර්ය වැව වංචාව සොයපු නැති එක ගැන කණගාටු වෙනවා.ක්‍රීඩා අමාත්‍යතුමා මැදිහත් වෙන්න. සියළු ණය අප ගෙවලා,බිලියන 2.8ක් බැංකුවේ ඉතිරියක් තිබූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ගෞරවනීය සභාපතිවරක් මම. මට කවදාවත් දේශපාල ඇඟිලි ගැසීමක් තිබුණේ නෑ. මේ වෙලාවේ ආණ්ඩුවට ඇඟිලි ගැසීමක් කරනවා නම් ඒ දේශපාලන වාසි ගන්න. ඒ අය මොළයක් නැති අවබෝධයක් නැති එක එක කොන්ත්‍රත් කරන මිනිස්සු.
ක්‍රිකට් පාලක මණ්ඩලය එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් ගොඩ නැගුණු ආයතන නොවෙයි.මේ සෑම දෙයම දේශපාලනයට හරවලා,මෙය විනාශ කරන්න යනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය එක් එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් ගොඩ නැගුණු ආයතන නොවෙයි.මේ සෑම දෙයම දේශපාලනයට හරවලා,මෙය විනාශ කරන්න යනවා.මේ විවාදයේ අරමුණම මඩ ගැසීමයි.ක්‍රිකට් දියුණු කරන්න නොවෙයි.එහෙම නම් මීට වඩා ප්‍රබුද්ධ සාකච්ඡාවකට යා යුතුව තිබුණා යැයි ද මන්ත්‍රිවරයා පැවසී ය.
බුකී තිලංග සිටින තුරු ක්‍රිකට් ජය සිහිනයක් විතරයි !
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හී අනාගත පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින ක්‍රිකට් ලෝලීන් සඳහන් කරන්නේ ක්‍රිකට් වෙනුවෙන් ඔට්ටු අල්ලන බුකී ව්‍යාපාර හිමියන් වන තිලංග සුමතිපාල පාර්ශවය ලංකාවේ ක්‍රිකට් සමඟ සිටින තුරු නියම ක්‍රිකට් අත්දැකීමක් ලැබීම සිහිනයක් විය හැකි බවය.
එහෙයින් බුකී හිමියන් ක්‍රීඩාවෙන් ඈත්කර තිබිය යුතු බවත් එතෙක් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයින්ද අවධානමක පවතින බවය.

