“කාදිනල් වැඩේ වරද්දාගෙන” - මංගල

“කාදිනල් වැඩේ වරද්දාගෙන” - මංගල

මානව හිමිකම් හෙලා දැකීම මගින් කාදිනල් මැල්කම් රංජිත් වැඩ වරද්දාගෙන ඇති බව කතෝලික සභාවේ මර්දනීය අතීතයද කෙටියෙන් උපුටා දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ.

“මානව හිමිකම් පිළිබඳ අවශ්‍යතාව මතුවුනේ කොල්ලකාරී ආගමික අන්තවාදීන්ගේ භීෂක සෝදිසිය සහ කුරුස යුද්ධය විසින් තොග ගණනින් නොඅදහන්නන් ඝාතනය කිරීම හේතුවෙනි. අනේ අපොයි, ජනප්‍රියවාදී වීමට වීරිය කරන හැම අවස්ථාවකම කාදිනල් වැඩ වරද්දා ගන්නා පාටයි,” යනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශ කර ඇත.  

කතෝලික ආගම පිලි නොගත් හෝ එය ප්‍රශ්න කළ පුද්ගලයන්ට දෙතිස් වද දී මරා දැමීමට සභාව විසින් 12 වැනි සියවසේදී  යොදා ගන්නා ලද Inquisition යනුවෙන් හැඳින්වුනු භීෂණකාරී සෝදිසියත් වෙනත් ආගම් වලට එරෙහිව සිය ආධිපත්‍යය පැතිරවීම සඳහා දාහත්ලක්ෂයකට අධික ජනකායක් මරුමුවට පත් කරමින් දියත් කෙරුනු කුරුස යුද්ධයත් ජගත් මානව හිමිකම් රැකගැනීමේ අවශ්‍යතාව මතු කළ බව අමාත්‍යවරයා පවසයි.

ඒකල ශාන්ත මතෙව්ගේ දෙව්මැදුරේ ඉරිදා දේව මෙහෙයක දී මානව හිමිකම් හෙලා දකින දේශනයක් කළ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් ආගම් නොඅදහන අනාගමිකයන්ද ගර්හාවට ලක් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න