විදුලි දුම්රිය ව්‍යාපෘතියට වහපු  කොමිස් කපුටන් ගැන : ජනාධිපතිට පැමිණිල්ලක් ! 

විදුලි දුම්රිය ව්‍යාපෘතියට වහපු  කොමිස් කපුටන් ගැන : ජනාධිපතිට පැමිණිල්ලක් ! 

විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ  ආරම්භ කිරීම සඳහා Ceylon High Speed Railways Ltd නම් සමාගමක් විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව අනුමත කිරීම සඳහා කොමිස් මුදල් ලබා ගැනීමට තැත් කිරීම පිළිබඳ සිදුවීමක්, අදාළ සමාගම විසින් අනාවරණය කර තිබේ.

මෙම  සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට ද Ceylon High Speed Railways Ltd පියවර ගෙන ඇත.

එහිදී මෙම සමාගම කියා සිටින්නේ 2016 ඔක්තෝබර් 28 දින මෙකී ව්‍යාපෘති යෝජනාව ආයෝජන මණ්ඩලය වෙත යොමු කරනු ලැබූ බවත් මෙතෙක් එම ව්‍යාපෘතිය අනුමත කිරීමට කටයුතු කළ නොමැති බවත්ය. 

යෝජනා මණ්ඩලය කියන කතාව !

අදාළ  සමාගම විසින් චෝදනා කර සිටින්නේ මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි සමාගමේ සහ සමාගමේ ආයෝජකයින්ගේ කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේ දී ලබා දීමට එකඟ නොවීම මෙසේ වීමට ප්‍රධාන හේතුව බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සතිඅන්ත සිංහල පුවත්පතක් විසින් හෙළිදරව් කරනු ලැබූ අවස්ථාවේ ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරනුයේ, එම සමාගම අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, අනුමැතිය නොලැබීමට හේතු වී ඇති බවයි.

මෙම විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සමාගම විසින් රජයේ ඉඩම් අක්කර 2,000 ක්ද ඇතුළුව අක්කර 4,000 ක ප්‍රමාණයක් ඉල්ලා ඇති බව සඳහන් කරන ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටින්නේ ඔවුන් පිහිටුවන කර්මාන්තපුරවල මත්පැන් බලපත්‍ර ද සහිත අධිසුඛෝපභෝගී හෝටල් ඉදිකිරීමට ද යෝජනා කර ඇති බවයි. තවද ලංකා ආයෝජන මණ්ඩලය පවසන පරිදි එවැනි විශාල ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා එම සමාගම සතුව ඇති අතීත පළපුරුද්ද හා ශක්‍යතාවය පිළිබඳ තහවුරුවක් ලබා දීමට ද Ceylon High Speed Railways Ltd අසමත් වී ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න