රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හරියට හරි -  වජිර 

රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හරියට හරි -  වජිර 

ලෝකයේ තියෙන ආර්ථික අර්බුදයක් හමුවේ මේ තත්ත්වයට රටේ ආර්ථිකය පවත්වාගෙන යාම ගැන අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්, මුදල් ඇමතිතුමාටත් ස්තූති කළ යුතු බවත් ආර්ථිකය නිවැරදිව හසුරවමින් ඇති නිසා ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි. 

ඩොලරය රුපියල් 200ට ගිය ද කලබල නොවිය යුතු බවත් ඇමෙරිකාව විසින් ඩොලරය බලසම්පන්න කරන අතර එය අපට පමණක් නොව මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් වී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 20 බැගින් වැයකර ඉදිකරන ලද යක්කලමුල්ල සහ මාගෙදර නැගෙනහිර නිල සෙවණ කාර්යාල දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමිනි. 

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටක් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය. 

''මම ඇවිත් ගියා කිව්වම ඇතැම් අය අහවි ඩොලර් එක කීය ද කියලා. ඩොලර් එක හොඳටම වැඩිවෙලා. රුපියල් 200 ඉක්මවා ගියත් බය වෙන්න එපා. අපි ආර්ථිකය හරියට හසුරුවනවා. ගෑස් මිල ටිකක් වැඩි වුණා. ඒත් පසුගිය ආණ්ඩුවෙන් ගෑස් දීපු ගානට වඩා තවමත් ගාන අඩුයි. වැරදියට ආර්ථිකය හැසිරුවානම් මේ විදියට කලින් ආණ්ඩුවට වඩා අඩුවට ගෑස්, තෙල් කිරිපිටි දෙන්න බැරිවෙනවා. 

අපි ජනතාව අමාරුවේ දාන්නේ නැහැ. අපි කිව්වේ නෑ මඤ්ඤොක්කා, බතල , කෙසෙල් අල, ලාවළු කන්න කියලා. එහෙම යුගයකුත් තිබුණා. ලෝකයේ තියෙන ආර්ථික අර්බුදයක් හමුවේ මේ තත්ත්වයට රටේ ආර්ථිකය පවත්වාගෙන යාම ගැන අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්, මුදල් ඇමතිතුමාටත් ස්තූතිකරන්න ඕනෑ. 

මම හිතනවා මේ තත්ත්වය පාලනය කරන්න පිටරටවල සල්ලි තියාගෙන ඉන්න අපේ අයට බදු නැතිව, ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව ඒ සල්ලි ලංකාවට ගේන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. අවුරුදු 30 ක් 40ක් පිටරටවල ඉදලා හොඳට හම්බකරපු අය ඉන්නාව තමන්ගේ සල්ලි රටට ගේන්න කැමති නැහැ. 

ඒ සල්ලි මේ රටට ගේන්න අවසර දෙන්න ඕනෑ. පරීක්ෂා කරන්නේ නැතිව කොහෙන් හරි කමක් නෑ සල්ලි ආවම ඩොලරය බහීවි. මම කියන්නේ අදහසක්. එය හොඳ විකල්පයක් වේවි. ලෝකේ කොහෙන් හරි සල්ලි ගෙනත් මේ ඩොලරය අපිට පාලනය කරන්න පුළුවන් වේවි. ඒකට පක්ෂ විපක්ෂ හැමෝගෙන්ම සහයෝගය ඕනෑ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න