හදිසි පාර්ලිමේන්තුවක් : ලිපිය අගමැතිට යවයි

හදිසි පාර්ලිමේන්තුවක් : ලිපිය අගමැතිට යවයි

යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ඔක්තෝබර් 09 වැනිදා වන තුරු නොසිට එළඹෙන සතියේ හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් සැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීම කථානායකවරයා අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබේ. විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් කැඳවිය හැක්කේ අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් එවැනි ඉල්ලීමක් කළහොත් පමණක් වන නිසා අදාළ ලිපිය අගමැතිවරයා වෙත යොමු කර ඇත.
 
අතීශයින්ම වැදගත් ප්‍රධාන කරුණු 02 ක් මත හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යොමු කළ ලිපියේ පළමු කරුණ ලෙස දක්වා ඇත්තේ ජාතික ආරක්ෂාවය. ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හිටපු ජනපති ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ ඇතුම් පාර්ශව කර ඇති අනාවරණ පිළිබඳ එහි දැක්වේ.
 
දෙවන කරුණ ලෙස දක්වා ඇත්තේ රුපියලේ අගය පහත වැටීම, විදේශ විනිමය පිටරටට ඇදී යාම ආදිය මත සිදුවන ආර්ථික අසථාවරතාවයයි.
 
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න