රණවිරු අභිමානය සුරැකීමට රජය සෑම විට ම කැපවන බව ජනපති පවසයි

රණවිරු අභිමානය සුරැකීමට රජය සෑම විට ම කැපවන බව ජනපති පවසයි

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලූදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලූදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප‍්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි. 

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා  නිව්යෝර්ක් නුවර දී  ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී ය.
මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු  පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් සියලූදෙනා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනව  ගෞරවයෙන් පිළිගනු ලැබීය. 

යුද්ධය පැවති කාලයේ සේම ඉන් පසුවත් යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා 2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප‍්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව  සඳහන්  කළේය.

යුද්ධයෙන් භාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලූදෙනාට නීතිය කි‍්‍රයාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ද පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් අපේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින්  බව ද වැඩිදුරටත් කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකා මාතෘ භූමිය තුළ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සැබෑ ලෙසම තහවුරු කර තිබෙන අතර පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඉකුත් වසර තුන හමාර තුළ පහර කෑමකට ලක්ව රට හැර දමා යාමට සිදු නොවූ බව ද ජනාධිපතිතුමා සඳහන්  කළේය.

ඇසට පෙනෙන සේම නොපෙනෙන ජයග‍්‍රහණ රැසක් පසුගිය වසර තුන හමාර තුළ ශ‍්‍රී ලංකා රජය ලබාගත් අතර අහිමි වූ ජාත්‍යන්තර සහය නැවත මාතෘ භූමියට දිනා ගැනීම  සුවිශේෂී ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා  සහභාගීවීමට සිදුකරන ලද තම ඇමරිකා සංචාරය මාතෘ භූමියේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ද ගෞරවය දිනා දුන් සංචාරයක් බව ජනාධිපතිතුමා  සඳහන්  කළේය. 

අද ලෝකයේ තිබෙන ආර්ථික අසමානතා සමග ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ගැටලූ මතු වුව ද ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට  රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ දැඩි පැසසුමට ලක්විය.

මෙම හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථාබහකට ද එක් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න