රුපියල අවප්‍රමාණය වීම ගැන ඇමති  අමරවීර  කියන කතාව !

රුපියල අවප්‍රමාණය වීම ගැන ඇමති  අමරවීර  කියන කතාව !

රුපියල අවප්‍රමාණය වුයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවය නිසා නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා බෙලිඅත්තේ පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා,

ශ්‍රී ලංකා රුපියල පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම එහි අගය පහළ ගියා. රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් විවිධ අය තමන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණය මත විවිධ අදහස් පළ කරනවා. සමහරු කියනවා, රුපියල බාල්දු වුණේ මේ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා කියලා. ඒක සම්පුර්ණයෙන් ම අසත්‍යයක්. අපි දන්නවා මේවනවිට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඩොලරය ශක්තිමත් කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා.

චීනයෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩවලට විශාල බද්දක් පනවනු ලැබුවා. පැරණි කියමක් තියෙනවා “සංවර්ධිත රටවල්වලට හෙම්බිරිස්සාව හැදෙනකොට අපි වගේ කුඩා රටවල්වලට ඒ නිසා නියුමෝනියාව හැදෙනවා” කියලා. ඒ නිසා අපේ රුපියල අවප්‍රමාණය වීම රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා සිදුවූවත් නොව ජාත්‍යන්තරය තුළ පවතින ආර්ථික ක්‍රියාවලියක බලපෑම නිසායි. රුපියලේ අගය අවප්‍රමාණය වීම අපේ රටට විතරක් බලපාපු කාරණාවක් නෙවෙයි. ඉන්දියානු රුපියල 12%කින් ද පකිස්තානු රුපියල 5.03%කින් ද සිංගප්පූරු ඩොලරය 2.41%කින් ද පිලිපීන පෙසෝ 5.18%කින් ද යූරෝ 6.27%කින් ද තුර්කි ලිරා 22.28%කින් ද මුදලේ අගය අවප්‍රමාණය වෙලා. නමුත් ඒ රටවල මිනිස්සු ආණ්ඩුවට බනින්නේ නෑ. ඒ අය දන්නවා ඒක ආණ්ඩුවේ වැරැද්දක් නොවේ කියලා.

ඒ නිසා රුපියලේ අගය ඉදිරි කාලය තුළ තවදුරටත් අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා රජය වශයෙන් අපි පියවර රැසක් ගත්තා. වාහන ආනයනය තාවකාලිකව සීමා කළේ ඒ නිසයි. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව හෝ නැවතිය යුතුයි. එවිට විදේශ අටවලට ඇදීයන ඩොලර් ප්‍රමාණය අපිට අපේ රටේම ඉතිරි කරගත හැකියි. රජය දැන් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

රුපියලේ අගය පහත වැටීම පසුපස තිබෙන කථාව අපි අවබෝධ කරගත යුතුයි. අපිට අවශ්‍ය දේවල් අපේ රටේ නිෂ්පාදනය නොකර විදේශ රටවල් මත යැපීම නිසා තමයි අද අපිට මේ ඉරණම අත් වී තිබෙන්නේ. කුඩා කාලයේ බටලීවලින් අපි හදාගත්ත සරුංගලයත්, අද ගෙන්වන්නේ චීනයෙන් හා ජපානයෙන්. වෙසක් කූඩුත් දැන් ගෙන්වන්නේ ජපානයෙන්. පලතුරු ටික විතරක් නෙවෙයි අපේ රටේ හැදිච්ච කුරක්කන්, කව්පි, මිරිස්, බඩඉරිඟු, තල, අබ මේවා ඔක්කොම දැන් මේ රටට ගෙන්වන්නේ ඉන්දියාවෙන් හා බංගලාදේශයෙන්. එහෙම කරකර රුපියලේ අගය බාල්දු වුණා කියලා කෑ ගහලා ඵලක් තියෙනව ද? අපි වවාගෙන අපිම කාපු සංස්කෘතියක් අතහැර දාපු අපි වගේ රටකට මීට වඩා සිදුවිය හැකි වෙනත් දෙයක් තියෙනවද?යයි අමාත්‍යවරයා විමසා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න