ශිරන්ති තිගැස්සේ : ජනාධිපතිට පණිවිඩ පිට පණිවිඩ එවයි !

ශිරන්ති තිගැස්සේ : ජනාධිපතිට පණිවිඩ පිට පණිවිඩ එවයි !

මිහින් ලංකා හා ශ්‍රීලන්කන් ආයතනවල සිදුව ඇතැයි කියන දැවැන්ත වංචා හා දුෂණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීමේ දී කල ප්‍රකාශයෙන් පසුව, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බලවත්සේ තිගැස්මකට ලක්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමාදානය සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙත පණිවිඩ පිට පණිවිඩ එවමින් සිටින බව එම ආරංචිමාර්ග කියා සිටියි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සභාපතිවරයාව සිටියේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා වන අතර එකල එම ආයතනය පාලනය කල අදිසි හස්තය ශිරන්ති ආර්යාව බවට වාර්තා විය.

එකල ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ මහා පරිමාණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව පසුගිය යුගයේ බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි.

රාජපක්ෂ පවුල මෙල්ල කිරීම කිරීම සඳහා ජනාධිපතිවරයා මෙවර තෝරාගෙන ඇත්තේ නියම තුරුම්පුවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න