ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ : නීතිඥ සංගමයේ නිලවරණයට සූදානම් වෙයි ! 

 ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ : නීතිඥ සංගමයේ නිලවරණයට සූදානම් වෙයි ! 

2019/2020 කාල පරිච්ඡේදය සඳහා පැවැත්වීමට යෝජිත නිලවරණයෙදී  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති තනතුර සඳහා තමන් ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ මහතා සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ දිවයිනේ සෑම මුල් අවස්ථා  අධිකරණයකම පාහේ වෘත්තීය කටයුතු වල නිරතව ඇති අතර  අපරාධ හා සිවිල් නඩු කටයුතුවල වසර 30 කට ඉතා ආසන්න කාලයක් නියැලීම තුළින් අත්දැකීම් සම්භාරයක්  සහිතය.

එසේම ඔහුට  ශ්‍රී  ලංකා නීතිඥ සංගමය සමග ඉතා කිට්ටු සහ අඛන්ඩ සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 2010-2012 කාලය තුළල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ලෙසටත්ල වර්ෂ 2006-2007කාලය තුළ එහි කලාපීය උප සභාපති ලෙසටත්, වර්ෂ 2003-2005 කාලය තුළ එහි භාණ්ඩාගාරික ලෙසටත්, අඛන්ඩව වසර 28 ක් පමණ එහි නීතිඥ නියෝජිත මහා මණ්ඩලයේ (Bar Council) නියෝජිතයකු වශයෙනුත්, වසර 15 ක කාලයක් එහි විධායක කමිටු සාමාජිකයකු ලෙසටත් පත්ව කටයුතු කිරීමට අවස්ථාව හිමිව ඇත. 

තවද එම කාලය තුළ  නිති-නීති උගෙනුම කමිටුවල නීතිඥ වෘත්තියේ නිපුනතා සංවර්ධන කමිටුවල සමාජ හා සුභසාධක කමිටුවල නීතිඥවරුන් හා පොලිස් සබඳතා කමිටුවල දිනපොත් කමිටුවල නීති-රඟ කමිටුවල නීතියේ ආධිපත්ය කමිටුවල කොළඹින් බැහැර නීතිඥ සංගම් සඳහා වන කමිටුව යන කමිටුවල සභාපති ලෙසද ඒ මහතා  කටයුතු කර තිබේ.

තවද  ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ කොළඹ නීතිඥ සංගමයේ විවිධ තනතුරු හොබවමින් සිය  නිල කටයුතුල අවංකභාවය ප්‍රමුඛ කර ගනිමින් විනිවිදභාවයෙන් යුතුව සිදු කරන ලද බවත් සියළු කාලයන්හි දී පක්ෂ දේශපාලනයෙන් තොරවල අපක්ෂපාතීවල  සේවය කරන ලද බවත් ප්‍රසිද්ධ කාරණයකි.

නීතිඥ සංගමයේ නායකයකු වන අයෙක් විසින් නොකළ යුතු කවර ආකාරයේ වුවද ක්‍රියවක නිරත වීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති අතර  වෘත්තීය වශයෙන් මෙන්ම පෞද්ගලිකවත් චරිතවත් නීතිඥයකු ලෙසද හේ ප්‍රකටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න