පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේ දී නැවත සංශෝධනය කිරීමට කටයුතු කර තිබුණු අතර එම සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව 2019 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයෙහි කිසිදු වෙනසක් නොකොට එය ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් සභාවට දැනුම් දෙන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඒ බව බස්නාහිර පළාත් ලේකම්වරයා වෙතද ලිඛිතව දන්වා යවා ඇත.


