ගම්පෙරලිය මගින් ග්‍රාම සංවර්ධනය සඳහා ලබා දෙන මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට ලබා නොදුන් බවට කළ ප්‍රකාශ අසත්‍ය බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර පසුගිය දිනවල මාධ්‍ය තුල පල වු පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව තමන් ඒ සම්බන්ධයෙන් අදාල අංශවලින් විමසීම සිදු කළ බවත් සොයා බැලිම් සිදු කිරිමේ දි එවැනි ක්‍රියාවක් සිදු වී නොමැති බව අනාවරණ වු බවද අමාත්‍යවරයා පවසයි.
සියලු දෙනා නියෝජනය වන පරිදි සෑම ප්‍රදේශවලට ඒම මුදල් ලැබී ඇති අතර ඇතැම් ප්‍රදේශවලට වෙන කළ මුදලින් කොටසක් පමණක් ලැබි ඇති බවත් ඉදිරි සති දෙක තුලදී සියළුම මුදල් ලබා දිමට කටයුතු කරණ බවත් අමාත්‍යවරයා පවසයි.

