යුක්තිය නොලද නිමලරාජන් ඝාතනයේ 18 වැනි අවුරුද්දත් යාපනයේ සැමරේ | VIDEO

යුක්තිය නොලද නිමලරාජන් ඝාතනයේ 18 වැනි අවුරුද්දත් යාපනයේ සැමරේ | VIDEO

විනාශකාරී යුද්ධයත්, එයින් පීඩා විඳින උතුරේ දෙමළ ජනකායත් පිළිබඳව යුද පීඩිත භූමියේ සිට දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ලෝකයේ අවධානය යොමු කිරීම නොඉවසූ බලවන්තයන් විසින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුළදී දහ අට අවුරුද්දකට ඉහතදී මරා දමන ලද   මාධ්‍යවේදියකු යාපනයේදී සමරන ලදී.

වෙඩිල්ලෙන් නිහඬ කෙරුනු නිබය, සරල මාධ්‍යවේදියකු වූ නිමලරාජන් මයිල්වාගනම් ගේ මරණානුස්මරණය යාපනය මාධ්‍ය සමාජයේ සහ යාපනය විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් පවත්වන ලද්දේ සරසවි ගුරු, සිසු දායකත්වයෙන් සහ උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන්ගේත්, මානව හිමිකම් ක්‍රියාධාරීන් කිහිප දෙනකුගේත් සහභාගිත්වයෙනි.

හරය, බීබීසී සහ වීරකේසරී ඇතුළු ආයතන වෙත වාර්තා සැපයීමේ නිරත නිමලරාජන් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා මරා දමන ලද්දේ යුද පීඩිත ජනයා පිළිබඳව වීරකේසරී පුවත්පතට ලිපියක් ලියමින් සිටියදීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිදුකළ එම ඝාතනය සම්බන්ධයෙන් අදත් යුක්තිය ඉටුවී නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න