ශ්‍රී ලංකා සාමසාධක සෙන්පතියෙක් එක්සත් ජාතීන් ආපසු හරවා එවයි

ශ්‍රී ලංකා සාමසාධක සෙන්පතියෙක් එක්සත් ජාතීන් ආපසු හරවා එවයි

සාමසාධක රාජකාරි සඳහා බටහිර අප්‍රිකාවට යවා සිටි සෙන්පතියකු වහාම ආපසු කැඳවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

මාලියේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ (MINUSMA) ශ්‍රී ලාංකික භට කණ්ඩායමේ අණදෙන නිලධාරියාගේ අතීත මානව හිමිකම් චර්යාව විමර්ශනය කිරීමෙන් අනතුරුව ඔහු ආපසු යවන්නට තීරණය කරන ලද බව එජා මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටීවන් දුජාරික් 19 සිකුරාදා නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

ඔහු සම්බන්ධයෙන් මෑතදී ලැබුනු තොරතුරු තීරණය ගැනීමට හේතුවූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු ආපසු කැඳවා ගැනීමේ වියදම දරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ රජයයි.

මෙසේ ආපසු ශ්‍රී ලංකාවට යවනු ලබන්නේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් කලණ ප්‍රියංකර ලංකාමිත්‍ර අමුණුපුර බව එජා ප්‍රකාශිකාවක් ගගන හා කියා සිටියාය.

ඔහු ආපසු එවීමට එක්සත් ජාතීන් තීන්දු කර ඇත්තේ මේ වසර අගදී මාලි බලා යාමේ අපේක්ෂාවෙන් භටයන් 400 කින් සමන්විත දෙවැනි බලකාය චුන්ඩිකුලමේ පුහුණු කටයුතු ආරම්භ කරද්දීය.

ලුතිතන් කර්නල් අමුණුපුර හා දෙවැනි අණදෙන නිළධාරි මේජර් හසන්ත හැන්නදිගේ නායකත්වයෙන් යුත් සෙබළුන් 200ක පිරිසකගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක ඛණ්ඩයක් මාලි බලා ගියේ මේ වසර මුලදීය.

ලෙබනනයේ 12 වැනි සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කර්නල් රත්නප්පුලි වසන්ත කුමාර හේවගේ යැවීම එක්සත් ජාතීන් විසින් පෙබරවාරියේ අත් හිටුවීමෙන් අනතුරුව මේතාක් ශ්‍රී ලාංකික භට කණ්ඩායම් පිටරට යවා නැත.

(රේඩියෝගගන)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න