මේ ඡායාරූපයේ ඉහළින් ම කොටුවේ ඉන්නේ අපේ රටේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා; මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න. දෙවැනි කොටුවේ ඉන්නේ අපේ රටේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්; එස් ආලෝක බණ්ඩාර.

(රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න (වම) , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්; එස් ආලෝක බණ්ඩාර (දකුණ)
අපේ රටේ කොන්ද කෙළින් තියං වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරන්න වගකීමෙන් ප්‍රධාන වශයෙන් ම බැඳෙන්නේ අබයරත්න ඇමතිධුරය දරන, ආලෝකබණ්ඩාර ලේකම් ධුරය දරන අමාත්‍යංශය. හැබැයි උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ඒ දෙදෙනා ගෙ ම අදහස කොහොමද කියලා බලන්න වෙන්නේ ඒ දෙන්නා වැඩ කරන ආකාරය අනුව.
දිසාපතිවරයා සිය බලය අවභාවිත කිරීම

උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මහනුවර දිසාපතිවරයා සම්බන්ධයෙන් වන කරුණු රැසක් සහිත ලිපියක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යැව්වම ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, දිසාපති විසින් ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධයෙන් ව්‍යාජ කරුණු සහිත ලිපියක් එව්ව ගමන් වැඩ පටං ගත්තා. දිසාපතිට විරුද්ධව පැමිණිලි කරපු ප්‍රාදේශීය ලේකවරිය මට්ටු කරන්න දිසාපතිවරයා තමන්ගේ බලය අවභාවිත කරමින් තමන් යටතේ තිබෙන අභ්‍යන්තර විගණන අංශයේ තුන් දෙනෙක් අවේලාවේ එවලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීනුත් නැති වෙලාවක නීති විරෝධී විදිහට කාමර තුමන් මුද්‍රා තියනවා. මේ වැඩේ කරන්නේ තොග බඩු ගණනයක්වත් සිදු නොකර. අඩුම ගානේ ආයතනයේ නිලධාරීන් දැනුවත් නොකර. ඒ වගේම කාමර තුනේ යතුරු ඔවුන් අරගෙන යනවා. මේ යතුරුවලින් හොර යතුරු කපාගෙන රාත්‍රී කාලයේ කාමර ඇරලා භාණ්ඩ එහෙ මෙහෙ කලා සහ පරණ බඩු කිහිපයක් ගෙනත් දැම්මා කියලත් රාවයක් ගියා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරිය මේ නීති විරෝධී ක්‍රියාවට එරෙහිව පොලිසි ගියා.
වැරදුණු පසු ගොඩින් බේරා ගැනීමේ න්‍යාය

ඊට දවස් දෙකකට පස්සේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කියාගන්නා කෙනෙක් එනවා. එයා එන්නේ දිසාපතිගේ ගෝලයෝ තුන් දෙනෙත් එක්ක. රතු ටයි එක දාපු, රතු පාටින් රවුම් කරපු කෙනා තමයි එයා. එයාලා එන්නේ මාධ්‍ය කණ්ඩායමකුත් පිරිවරාගෙන. ඔන්න ඉන් පස්සේ ජනමාධ්‍ය ඉස්සරහා මෙයාලා බොරු ෂෝ එකක් පටං ගන්නවා. කාමර හරිනවා. නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග කරනවා. එකම ෂෝ එකක් දැම්මා. ඊට පස්සේ අර නීති විරෝධී විදිහට අරගෙන ගියපු යතුරු නැවත බාර ගන්න කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කළා. ඒකේ මූලිකත්වය ගත්තේ රතු ටයි එක දාගෙන ඉන්න පුද්ගලයා. මේ බරපතල නීති විරෝධී ක්‍රියාවලියට එරෙහිව උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණිලි කරනවා. අමාත්‍යංශය වහාම ප්‍රාදේශීය ලේකම් කැඳවනවා. කැඳවලා කියනවා යතුරු ප්‍රශ්නය ගොඩින් බේරගන්න කියලා. ඇය ලිඛිතව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලනවා. තමන්ට එරෙහිව යන ඔ්නෑම විමර්ශනයකටත් සහයෝගය දක්වනවා කියලා ඇය ලිඛිතව දැනුම් දෙනවා.
ස්වාධීන විමර්ශනයක් ද, පක්ෂපාතී විමර්ශනයක්ද?
දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කරන්න ඔ්නා තමන් ගේ අමාත්‍යංශයෙන් ගියපු නිලධාරියා දිසාපතිට පක්ෂව කටයුතු කළා ද, එයා වැරදි විදිහට හැසිරුණා ද කියලා හොයන එක. ඒ වගේම දිසාපති සහ දිසාපතිගෝ ගෝලයො ගැන පරීක්ෂණයක් ආරම්භ කරන එක. ඒ වෙනුවට අමාත්‍යංශය කළේ පරීක්ෂණයකට කියලා රාජ්‍ය සේවා කොමිසමෙත් අනුමැතිය අරං උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ස්ථාන මාරු කරපු එක.
ස්ථාන මාරු කරලා එතනට වැඩ බලන්න තවත් කෙනෙක් දානවා. ඒ ආපු කෙනා තනිකර දිසාපතිට අවශ්‍ය දේවල් තමයි කළේ. දිසාපති ආරම්භ කළ නීති විරෝධී ක්‍රියාවලිය එයා ඉදිරියට අරගෙන ගියා.
ඔන්න ඉන් පස්සේ අමාත්‍යංශයෙන් කියලා විමර්ශනයට කණ්ඩායමක් ආවා. මේ ආපු කණ්ඩායමේ අර රතු ටයි එක දාගෙන ඉන්න, එදා මාධ්‍ය සංදර්ශනයක් තිබ්බ කෙනත් ඉන්නවා. එතකොට ඒ පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් වෙනවද? එයා වගේ චෝදනාවක් තියන කෙනෙක් එතනට එවන්නෙම අපි කරන්නේ අපිට ඔ්න වැඩේ කියලා පණිවිඩයක් දෙන්නමද? මේ අය ඇවිත් විමර්ශනය කරනවට වඩා එක එක්කෙනාට තර්ජනය කරන එකයි, අපහාස කරන එකයි. දිසාපති ගේ නියමයෙන් මෙට්ට වගයක් දුන්නු හාමුදුරුකෙනකුත් මේ ටිකේ මෙතනට ඇවිත් ගිහින් තිබුණා. ඇත්තටම එතන වුණේ ස්වාධීන විමර්ශනයක් ද, නැත්නම් නිලධාරීන් තවදුරටත් පීඩාවට පත් කරන පක්ෂපාතී විමර්ශනයක්ද?
රාජ්ය සේවා කොමිසම මුණිවත රැකීම

වැඩ බලන්න දාපු ප්‍රාදේශීය ලේකම් ලෙස සිටින කෙනා ඇවිත් දෙවැනි දවසෙ ම දිසාපති ගේ චෝදනා ලත් ගෝලයො ටිකට නැවත කාර්යාලයට එන්න අවස්ථාව දුන්නා. ඔහු නැවත එතන ම තියාගෙන ඉන්න එකෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා සහ ලේකම්තුමා අවංක රාජ්‍ය නිලධාරීන්ට දෙන පණිවිඩය මොකක්ද?
අපේ රටේ ජනාධිපතිවරයා නිතර කියන කතාවක් තමයි අවංක රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරනවා සහ අවංක රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඉතින් රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා ඉන්නේ අපේ රටේ ජනාධිපතිගේ ආණ්ඩුවේ නෙමේද? රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්තුමා වැඩ කරන්නේ අපේ රටේ රාජ්‍යයට නෙමේද? දිසාපති ඉවත් කරනවා වෙනුවට අවංක රාජ්‍ය නිලධාරිනිය ගෙන් පළිගැනීම මොන තරම් කැතද? ඒක මේ වගේ ආණ්ඩුවක් යටතේ වෙද්දි කොච්චර නරක ද? ඔක්කොටම වඩා මේවගේ පළිගැනීම් වෙද්දි රාජ්‍ය සේවා කොමිසම මුණිවත රැකීම කොචර බරපතළ ද?

සටහන - තරිඳු ජයවර්ධන (Tharindu Jayawardhana)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
