දේශපාලනඥයන්ටත් ආතතිය :  පාසල් සිසුන්ටත්  මානසික සෞඛ්‍ය දැනුම අත්‍යාවශ්‍යයි - රාජිත  

දේශපාලනඥයන්ටත් ආතතිය :  පාසල් සිසුන්ටත්  මානසික සෞඛ්‍ය දැනුම අත්‍යාවශ්‍යයි - රාජිත  

වත්මන් සමාජ ක්‍රමය හේතුවෙන් ඇතැම් අහිංසක දරුවන් මානසික  රෝගීන් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.

ජාතික මානසික සෞඛ්‍ය දිනය සැමරීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පසුගියදා පැවැත්විනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “බෝනොවන රෝග යටතේ මානසික රෝග වලට හිමි වන්නේ සුවිශේෂි තැනක්. දේශපාලනඥයින් වන අපටත් මානසික ආතතිය තිබෙනවා. මානසික ආතතිය නොමැති අය සුවෙන් සිටිනවා. යථාර්ථය අවබෝධ කර ගත යුතුයි. දිනපතා සියලුම ප්‍රශ්න කරට ගෙන කටයුතු කිරීම තුලින් මානසික ආතතියට පත් වෙනවා. වාණිජකරණයත් සමග මානසික රෝග වැඩි වුනා. සරළ ජන සමාජය තුල එවැනි මානසික රෝග තත්ත්වයන් අවම වශයෙන් තිබුනේ. දරුවන් තරගවලින් ජයගැනීම සදහා තමයි වර්තමානයේ කටයුතු කරන්නේ. අතීතයේ එවැනි තත්ත්වයක් තිබුනේ නැහැ. ජිවිතය හරිම සුන්දරයි. අතීතයේ මානසික රෝගීන් දෙස බැලූ ආකාරයට වඩා වර්තමානයේ දියුණූ ආකල්පවලින් එම රෝගීන් දෙස බලනවා. අතීතයේ ම්ලේච්ඡ ප්‍රතිකාර ක්‍රමයක් තිබුනා. නමුත් වර්තමානයේ දියුණු ක්‍රම උපයෝගි කර ගන්නවා. කඩිනම් ප්‍රතිකාර කිරීමේ හැකියාවත් තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවත් දියුණූ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්වීය සෞඛ්‍ය රැකවරණය අපි ජනතාවට ලබාදෙනවා. එහිදී සන්නිවේදනය හරිම වැදගත්. අපේ රටේ විවේචනාත්මක මාධ්‍ය කලාවක් තිබෙන්නේ. රටේ සංවර්ධනය ගැන සියයට 10 ක් පමණයි සන්නිවේදනය කරන්නේ. එම නිසා සන්නිවේදනය වැදගත් විය යුතුයි. පාසල් දරුවන්ට මානසික සෞඛ්‍ය දැනුමක් ලබාදිය යුතුයි. රැකියා හිඟයත් මානසික රෝග සදහා බලපානවා. ජන සමාජය මානසික රෝගීන්ට ආදරය කළ යුතුයි.”

මානසික රෝගවලට ගොදුරු වූ දරුවන් වෙනුවෙන් පරිගණක පුහුණූ ඒකකයක් විවෘත කිරිම,ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ආරම්භ කිරීම, මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 2018වාර්ෂික වාර්තාව එළිදැක්වීම, හෙද නිලධාරිනී චමරි විදානගේ ලියු “සුව දිවියට සුව මනසක්” ග්‍රන්ථය එළිදැක්වීම, කෙටි චිත්‍රපට තරගය, විවාද තරගය යන තරග වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරිම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ, මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂිකා චිත්‍රමාලි ද සිල්වා, මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

{gallery}rajitha-mansika{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න