බන්දිත ගුදම් පවත්වාගෙන යාමට  පෞද්ගලික අංශයට අවසර දෙයි !

බන්දිත ගුදම් පවත්වාගෙන යාමට  පෞද්ගලික අංශයට අවසර දෙයි !

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට  පහසු වන පරිදි බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද අවසරය දීමට රජය තීරණය කර ඇත.
 
ඒ අනුව ශ්‍රී ලංකා රේගු ආඥා පනත යටතේ පවරා ඇති බලතල අනුව මේ සඳහා වන රෙගුගාසි පනවන ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුගියදා අත්සන් තැබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි සඳහන් ආකාරයට  ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන මෙම නව රෙගුලාසි අනුව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය පමණක් නොව අපනයන කටයුතු මෙන්ම ප්‍රති අපනයනයද මෙම බන්දිත (Bonded)  ගුදම හරහා ක්‍රියාත්මක කළ හැකිය.

එසේම ඊට අනුව ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපල සිට සාධාරණ දුර ප්‍රමාණයක් තුළ මෙන්ම භාණ්ඩ නිෂ්කාශනය කරන්නන් හට පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක මෙම ගුදම පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගත හැකිවේ. 

මේ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව වශයෙන් රු. ලක්ෂ 5 ක් අයකරනු ලැබේ.

මේ අතර මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන, කිරි කර්මාන්ත හා කසළ කළමනාකරණය සඳහා වන ආයෝජන වලට අවශ්‍ය ආනයනික ප්‍රාග්ධන භාණ්ඩ සඳහා 2018 අයවැය මගින් යෝජනා කළ පරිදි එම භාණ්ඩ සඳහාද බන්දිත ගුදම් පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇති අතර, මෙම ප්‍රාග්ධන භාණ්ඩ සඳහා බදු නිදහස ද ලබාදී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න