ලංකාව ගැන ඉන්දියාව අවධානයෙන් : මෝදි රනිල්ට පෙන්වයි ! 

ලංකාව ගැන ඉන්දියාව අවධානයෙන් : මෝදි රනිල්ට පෙන්වයි ! 

''තම අසල්වැසි රට වන ශ්‍රී ලංකාව මහත්මා ගාන්ධි තුමාට උපහාර දක්වයි'' යනුවෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වන රවීෂ් කුමාර් මහතා ඔහුගේ ට්විටර් ගිණුයේ සඳහන් කර ඇත.

ඉන්දියිවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අදාල ගීතය ඇතුලත් විඩීයෝ පටය  ඉන්දීය අග්‍රාමාත්‍ය නාරේන්ද්‍ර මොදි මහතා විසින් පෙන්වන විඩීයෝ පටයද එම ට්විටර් පණිවුඩයේ සඳන්කර තිබේ.  
Capturein
මහත්මා ගාන්ධි තුමාගේ 150 වන ජන්ම දිනය සැමරිම නිමිති කර ගනිමින් මෙම ''වෛෂ්නව් ජන තෝ '' නම් බජන් ගීතය ගායනා කර තිබේ.  ඒ   භාතිය ජයකොඩි ,සංතුෂ් වීරමන් සහ උමාරියා සිංහවංශ යන ගායක ගායිකාවන් විසින්ය.

අසල්වැසියාගේ අවධානය ගැන කදිම පාඩමක් !

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා පිළිබඳ විද්වතෙකු newstube.lk  වෙත පවසා සිටියේ සිය අසල්වැසියා මෙරටේ කටයුතු පිළිබඳ සිටින අවධානය තේරුම් ගැනීමට මෙය කදිම නිදර්ශනයක් බවයි.

බොහෝ විට මෙරට දේශපාලනඥයින් පටු ජනප්‍රියත්වය පතා අසල්වැසි රාජ්‍ය සම්බන්ධව ළදරු සහ අවධානම් සහගත ප්‍රකාශ නිකුත් කරන බවත්  කලාපීය සහයෝගය සම්බන්ධව කරන බලපෑම ගැන ඔවුන්ගේ තේරුම් ගැනීමේ තරම ලෙස වටහාගත යුතු බවද ඔහු පැවසීය.

එසේම ඉන්දියාව යනු ලෝකයේ රාජ්‍ය අතුරින් මෙරටට වඩාත් බලපෑම් සහගත රට බැවින් දුරදක්නා නුවනින් යුතුව ඒ සමඟ සම්බන්ධතා පැවැත්විය යුතු බවද ඔහු සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න