අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වසරේ ගත වූ කාලය තුළ රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න පවසන ආකාරයට පසුගිය 19 වනදාද අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවෙකු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එසේම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ඉතිහාසයේ අත්අඩංගුවට පත් ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියා වනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී අයි.කේ. මහානාම ය.
එමෙන් ම වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණි හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති නාදන් මුත්තු විනයාගම් යන අය ද අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන් ම වසරේ ගත වූ කාලය තුළ රජයේ ජ්‍යෙෂ්ඨ තක්සේරු කරුවන්, විදුලි ඉංජිනේරුවන්, රජයේ සැලසුම් ශිල්පීන්, පොලිස් පරීක්ෂකවරු, විදුහල්පතිවරුන් ඇතුළු විෂය ක්ෂේත්‍රයන් ගණනාවකට අයත් රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

