Image

කලාවට එරෙහි කලා විරෝධී ව්‍යාපාර

කලාවට එරෙහි කලා විරෝධී ව්‍යාපාර

කලා ඉතිහාසය නිරීක්‍ෂණය කිරීමේ දී “ඩාඩාවාදය” යනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ දී ස්විස්ටර්ලන්තයේ “සුරිවා”හි දී ආරම්භ වූ කලා විරෝධී ව්‍යාපාරයක් පිළිබඳ අපිට අසන්නට/ දකින්නට ලැබේ. මෙය එවකට පැවති කලාවට එරෙහි වූ, අභියෝග කළ කලා විරෝධී ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ.

කලාවේ නව සන්ධිස්ථාන

DALI 2

එවක කලාකරුවන් විසින් භාවිත කරන ලද ප්‍රධාන සංකල්පීය සහ ශිල්පීය ක්‍රම, ඔවුන් භාවිත කළ මතවාදය, මෙම විරෝධාකල්පිතයින් විසින් නිර්දය ලෙස විවේචනය කරන ලදී. ඔවුන් විශ්වාස කළ මතවාදය අනුව සැකසූ කලා නිර්මාණ යැයි කියන “කෘති” නිර්භයව ජනගත කළේ ය. එම නිසා විශාල සංවාද ඇති විය.

කලාවෙන් බැහැරව මහා පරිමාණයෙන් විවිධ සමාජ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කළ බඩු භාණ්ඩ ගෙන, ඔවුන් ඒවා උඩු යටිකුරු කරමින් හෝ වෙනස්කම්කරමින් ඒවා කලාව යනුවෙන් ජනගත කළේ ය. මෙය පහසු කරුණක් නොවන අතර, නමුත් එය විශාල වශයෙන් සමාජයේ විවේචනයට මෙන්ම කලාවේ නව සන්ධිස්ථානයක් ඇතිකිරීමට හේතුවක් බවට ද පත්විය.

WhatsApp Image 2026 07 17 at 5.32.21 AM

මෙහි රූප සටහනේ දැක්වෙන්නේ 1917 දී “මාෂල් ඩූෂාම්” නම් ශිල්පියා ගේ “පවුන්ටන්” නමින් කලා කෘතියක් ලෙස ඉදිරිපත් කළ නිර්මාණයේ ඡායාරූපයකි.

එය උඩුයටිකුරු කළ සම්මත මූත්‍රා බහාලනයකි. එම භාණ්ඩය අපි අතර ද ප්‍රචලිතය. අපි ද එය ශරීර අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් අදත් භාවිත කරයි. අපේ රටේ ජනතාව මෙම භාණඩය මහා කලා කෘතියක් ලෙස ඡාත්‍යන්තර කලා කෞතුකාගාරවල ප්‍රදර්ශනය වෙන බව සමහර විට නොදැන සිටීමට පුළුවන. එසේ වීමට හේතුව සහ එම අරගලය නිසා කලා ලෝකයට සිදුවූයේ වාසි සහගත තත්ත්ව පිළිබඳ දියුණු තර්ක, මතවාද, පිළිබඳ කිසිවක් නොදැන සිටීමට පුළුවන. එසේ වන්නේ ඇයි? අපේ රටේ චිත්‍ර කලාව දෘශ්‍ය කලාව පිළිබඳව ගැඹුරු මතවාද සහ විචාර සම්මන්ත්‍රණ මහජනතාව, රසිකයන් අතර නොමැති නිසා නොවේද? එසේ වන්නේ ඇයි? අපේ රටේ චිත්‍ර කලාව දෘශ්‍ය කලාව පිළිබඳව ගැඹුරු මතවාද සහ විචාර සම්මන්ත්‍රණ, විචාරය නොමැතිකම යි.

 

p04znn7y.jpg

“මාෂල් ඩූෂාම්”   Marcel Duchamp

 

1917 දී ස්විට්සර්ලන්තයේ දී මතුවූ සංවාදය හා සමාන ගැඹුරු සංවාදයක්

මේ සටහන තැබීමට හේතු වූයේ මුහුණු පොතේ දැන් ප්‍රචාරයවන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍යකලා පීඨයේ අලුතෙන් ම පිහිටවන ලද, එම ආයතනයේ ආදී විද්‍යාර්ථයන් ගේ කලාකෘති සහිත කෞතුකාගාරය පිළිබව දැක්වෙන මතවාද සහ ඡායාරූප රසවිඳීමෙන් පසුව ය; මේ පිළිබඳ දැක්වෙන විවේචන සහ කතාබහ නිසා ය. මෙය 1917 දී ස්විට්සර්ලන්තයේ දී මතුවූ සංවාදය හා සමාන ගැඹුරු සංවාදයක් බවට පත්වෙනවා නම් ඇත්තෙන් ම එය අපට, රටට, කලාවට ප්‍රයෝජනවත්වේ.

artgallery

අවුරුදු 16 කට ආසන්න කාලයක් වසා දමා ඇති “ජාතික කලා භවන”, එහි තිබූ ස්ථිර ප්‍රදර්ශනාගාරයේ වූ කලා කෘති ජනතාවට ඇසුරු කිරීමට නොහැකි ආකාරයෙන් ගබඩා කර තිබීම, ඒවා අතුරුදන් වී ඇති බව සඳහන් වීම, කලා භවන මෙතරම් කාලයක් ප්‍රතිසංස්කරණය නොවී තිබීම යනාදිය ජාතික ගැටලුවකි. ඒවා පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇතිවිය යුතු ය. මුල්විය යුත්තේ කොළඹ, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය බව අපේ විශ්වාසය යි. ඒ සියල්ල ගැන නිහඬ වෘත්තයක යෙදෙන එම ආයතනය නව කලාගාර, කලා කෞතුකාගාර නිර්මාණයට මූලික වීම රසික අපට ආස්වාදජනක ය; නව ප්‍රබෝධයක් ගැන බලාපොරොත්තු ඇති කිරීමකි.

එසේ නොවී තිර හතක් මැද ඇති දේවාලයක “කලාව නම් දෙවියා” සඟවා තබාගෙන ජනතාව ගේ රසිකත්වය හාස්‍යයට ලක් කරන්නේ නම් ඒ පිළිබඳ නැවත නැවත සිතා බැලිය යුතු කාරණාවක් වෙනවා ඇතැයි සිතමි.

 

WhatsApp Image 2026 07 17 at 5.34.57 AM 1

 

 

 

සටහන - ශාන්ත කේ. හේරත්  (Shantha K Herath)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න