Image

පොලිස් වෙසින් පැමිණ කෝටි දෙකක් පැහැරගත් පුද්ගලයකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

පොලිස් වෙසින් පැමිණ කෝටි දෙකක් පැහැරගත් පුද්ගලයකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

කොල්ලු පිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු බව හඟවමින් චීන ජාතිකයකු පරීක්ෂා කිරීමට ගොස් ඔහු ගේ වාහනයේ තිබූ කෝටි දෙකක් පැහැරගෙන ගිය පුද්ගලයා දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) කොල්ලපිටිය  පොලිසියට අවසර ලබා දී ඇත.

සැකකාර පුද්ගලයා චීන ජාතිකයා ගේ කාර් රථය පරීක්ෂා කිරීමේ දී මෙම කෝටි දෙකක මුදල රැගෙන පලා යමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වී ඇති අතර ඔහු ඔහු භාරයේ තිබී hand cup දෙකක් සහ යතුරක් ද පොලිස් භාරයට ගෙන ඇත.

චීන ජාතිකයා ගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී විශාල  ප්‍රමාණයේ මත්ද්‍රව්‍යවලට අදාළ ඡායාරූප තිබී හමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මහේස්ත්‍රත්වරය හමුවේ දන්වා සිටියේ ය. එසේම සැකකරු සන්තකයේ තිබී හශිෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත කොල්ලූපිටිය පොලිසිය සිදු කළ පරීක්ෂාවක දී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

රඳවා ප්‍රශ්න කරන්නේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වයසැති අජිත් හේවගේ නමැති අයෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න