නූගතුන්ටත් වඩා බාල වෛද්‍ය සංගම් නායකයින් : කුසල් පෙරේරා ලියා දන්වයි !

නූගතුන්ටත් වඩා බාල වෛද්‍ය සංගම් නායකයින් : කුසල් පෙරේරා ලියා දන්වයි !

සයිටම් වෛද්‍ය පීඨ ආරවුල" නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ඔවුන්ගේ ප්‍රකාශ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පසුගිය අවුරුදු 02 ක පමණ කාලයේ මාගේ මැදිහත්වීම් මගින් මම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නායකත්වය හිතුවක්කාරී" ප්‍රතිපත්ති විරහිත" වෘත්තීමය වශයෙන් කට්ටිවාදී සහ කෑදර නායකත්වයක් යැයි කීවෙමි.
 
ඛේදවාචකය වූයේ මා ඉදිරිපත් කළ තර්ක හා විචාර කිසිවකට මාගේ ලිපි පල කෙරෙන මුද්‍රිත මාධ්‍යන්හි එසේ “පිළිතුරු දීමේ අයිතිය” තිබියදීත් වෛද්‍ය සංගම් නායකයින්ට ඒවාට පිළිතුරු දීමට නොහැකිවීමය. එනිසා පළමුව ව්‍යංගයෙන්ද පසුව නම් කරමින්ද ඔවුන්ගේ මාධ්‍ය හමුවල ඔවුහු අපහාස කිරීමටත් අවලාද නැගීමටත් පටන් ගත්හ. ඉතාම මෑතදී පසුගිය ඔක්තෝම්බර 15 වන දින ඔවුන් අතිගරු ජනාධිපති වෙත යොමු කළ ආයාචනයෙහි" “සමන් රත්නප්‍රිය" රවි කුමුදෙශ්" කුසල් පෙරේරා වැනි පුද්ගලයින් යොදවා තුන්වැනි පන්තියේ උපක්‍රම මගින් වෛද්‍ය සභාවට විරුද්ධව මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කරන අතරතුර" වෛද්‍ය ආඥාපනත අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට උත්සාහ කිරීමක් දක්නට ඇත.” යනුවෙන් අභූත චෝදනා නගා තිබිණ. එදිනම ඔවුන්ගේ ශාඛා වෙත යොමු කළ අභ්‍යන්තර දැනුම්දීමෙහි “වෛද්‍ය ආඥාපනත අහෝසි කිරීමේ ඉල්ලීම සමන් රත්නප්‍රිය" රවි කුමුදෙශ් සහ කුසල් පෙරේරා වැනි පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ බවද ඔහු (ඇමතිවරයා) තවදුරටත් කියා සිටියේය.” ඔවුන්ගේ හිතලු සටහන්කර තිබිණ.
  
වෛද්‍ය සංගමයේ නායකයින්ගේ එවැනි අවලාද සම්බන්ධයෙන් “ඬේලි මිරර්” පුවත් පතේ මගේ සිකුරාදා ලිපියෙහි මට ලියන්නට තිබූයේ මෙපණි. “නව නීතියක් සමග වෛද්‍ය සභාව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් නායකයින් නම් කර තිබූ අනෙක් දෙදෙනාගේ සම්බන්ධය කුමක්දැයි මම නොදනිමි. එහෙත් වෛද්‍ය වෘත්තිකයින් නොවන විද්වත් කාන්තා හා පිරිම නියෝජනයක්ද සමගින් වෛද්‍ය සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට නව නීතියක් සම්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ගනු ලැබූ තීන්දුවට මවිසින් ඉදිරිපත් කරනු ලැබූ තර්ක හා විචාර බලපෑමක් වූයේ නම්" ඒ ගැන මම ආඩම්බර වෙමි” (2018 ඕතෝම්බර 19&' මෙම අවශ්‍යතාව සම්බන්ධව වෛද්‍ය සංගම් නායකයින්ට තර්කානුකූලව අභියෝග කළ නොහැකි වූ මගේ ස්ථාවරය මම ඬේලි මිරර් සහ ඉරිදා ලක්බිම පුවත් පත්වලට ලියූවෙමි.
 
වෛද්‍ය සභාවෙහි බංකොලොත් බව හා එහි වෘත්තීමය පක්ෂග්‍රාහිත්වය ගැන සහ එනිසාම වඩා වැදගත් නියෝජනයක් සහිත ස්වාධීන" ජනතා අවශ්‍යතා වෙනුවන් වෛද්‍ය සභාවක් පිහිටුවීම සඳහා නීතිය වෙනස් කිරීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු කරුණු කාරණා සම්බන්ධව බුද්ධිමත් හා ඥාණාන්විත ප්‍රතිචාර දැක්වීමේ නොහැකියාව හමුවේ අසහනයට පත්ව ඉන්නා වෛද්‍ය සංගමයේ නායකත්වය" ඊයේ දින මට සෘජුව අපහාස කරමින් මෙම එස්.එම්.එස් පණිවිඩය යවා තිබිණ. “රාජිත" වෛද්‍යවරුන්ට පහර ගැසීමට කුසල් පෙරේරාව කුලියට ගෙන තිබේ. නොසැළකිලිමත්කම සම්බන්ධ වෛද්‍යවරුන්ට එරෙහි පැමිණිලි වෛද්‍ය සභාව විසින් විභාග කිරීමේදී වෛද්‍යවරුන් සම්බන්ධ මාර්ග අනතුරු පවා වෛද්‍ය වෘත්තිකයින් නොවන්නන් විසින් පැවැත්විය යුතු යැයි ඔහු බල කරන්නේය. විස්තර සඳහා gmoa.lk ”
  
ඔවුන්ගේ නිල වෙබ් අඩවියට (https://www.gmoa.lk/) මම ඔක්තෝම්බර 20 වන දින පැය 13.20 ට ගොඩවීමි. යවනු ලැබූ එස්.එම්.එස් පණිවිඩයට අදාල කිසිවක් එහි නොවුනි (10"000 ක් පමණ විය හැකි සාමාජිකත්වයට සීමා වූ පිටුවල යමක් තිබුණේ නම් පමණි). වාසනාවකට වෛද්‍ය පාදෙණියගේ නායකත්වයෙන් වන වෛද්‍ය සංගමයේ නායකත්වය තරම් මම අනුවණ නොවෙමි. එබැවින් එවැනි පරීක්ෂණ මම කිසිවිට ඉල්ලා නැත්තෙමි. කරුණාකර මෙයද සිහි තබා ගනු මැනව. මගේ සියලු ලිපිවල මම සාමාන්‍ය වෛද්‍යවරුන් ගැන කතා කර නැත. මගේ ඉලක්කය හැමවිට වූයේ මේ රටේ සෞඛ්‍ය සේවය විනාශ කරන්නාවූ වෛද්‍ය පාදෙණියගේ නායකත්වයෙන් වන වෛද්‍ය සංගම් “මාෆියාව” පමණි. එබැවින් බොහෝ වෙද්‍යවරුන් මා සමග සංවාදයේ යෙදෙති. බුද්ධිමත් ගනුදෙනුවකට නොපැමිණ මෙවැනි අවලාද අපවාද නැගීමෙන් මා නිවැරදි යැයි ඔවුහු ඔප්පු කරති. මගේ අනුකම්පාව ලබන්නේ බොහෝවිට මේ වෛද්‍ය මාෆියාව සමග ප්‍රසිද්ධියේ එකට තැබෙණ වෛද්‍ය සංගමයේ සාමාජිකත්වය දරණ නිහඩ අහිංසක වෛද්‍යවරුන් පමණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න