අවම පඩියෙන් පවුලක් නඩත්තු කළ හැකි ආර්ථිකයක් හැදීම ආණ්ඩුවේ වගකීමක් - මරික්කාර් 

අවම පඩියෙන් පවුලක් නඩත්තු කළ හැකි ආර්ථිකයක් හැදීම ආණ්ඩුවේ වගකීමක් - මරික්කාර් 

තෙල් මිල හා ඇතැම් බඩුමිල හමුවේ රටේ ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් පීඩා විදින බවත්, භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු අඩු කර හෝ රටේ අවම පඩියෙන් පවුලක් නඩත්තු කළ හැකි ආර්ථිකයන් හැදීම ආණ්ඩුවේ සහ දේශපානඥයාගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්  පැවසිය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ සුභ සාධක සමීති 07 ක් සදහා රුපියල් 300,000 ක් වටිනා උත්සව භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

දැන් රටේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට තියෙන්නේ ආනයන ආර්ථිකයක්. නමුත් අපනයන ආර්ථිකයක් තිබුනානම් මේක වාසි වෙන්න තිබුනා. මේ තත්වය වෙනස් වෙන්න නම් ඩොලර් විශාල ප්‍රමාණයක් ලංකාවට එන්න ඕනේ. ඒ කියන්නේ අපිට අපනයන,සංචාරක කර්මාන්තය සහ ආයෝජකයින්ගේ පැමිණිම කියන කාරණ තුනෙන් තමයි ඩොලර් ගේන්න ඕනේ. ආණ්ඩුව තෙල් මිලට සූත්‍රයක් හදුන්වලා දීලා තියෙනවා. ඒක මට නම් තේරේන්නේ නෑ. තෙල් බැරලයේ මිල වැඩීවීමත් එක්ක, තෙල් මිල සූත්‍රයක් තියෙනවානම් වැඩි වෙන්න ඕනේ.හැබැයි ඒ මිල වැඩිවීමේ ප්‍රමාණය සාධාරණ  ද කියලා පොඩි ගැටළුවක් තියෙනවා. මේ ආණ්ඩුව රාජපක්ෂ කාලේ ප්‍රෙට්‍රල් ලීටරයක පනවලා තිබුණු රුපියල් 35 ක බද්ද රුපියල් 12 ට අඩු කරලා තියෙනවා. ‍ඩීසල් වලට තිබ්බ බද්ධ රුපියල් 4 ක අඩු කරලා තියෙනවා. ඒ අනුව තෙල් බැරලයේ මිල වැඩීමක් එක්ක මේ මිල වැඩි කිරීමේ ගාන සාධාරණ කියන සැකයක් පවතිනවා. නමුත් ඒක හරි වුනත් වැරදි වුනත් මහජනතාව තෙල් මිල හා බඩු මිල වැඩිවීම නිසා විශාල ලෙස පීඩා විදිනවා. ඒ නිසා දේශපාලනය කරන අය තමන්ගේ දේශපාලනයට කලින් තමන්ව පත් කරන ජනතාව ගැන සංවේදී වෙන්න ඕනේ. ඒ නිසා  තවදුරටත් බදු අඩු කරලා හරි තෙල් මිල ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය වල මිල අඩු කරන්න ඕනේ කියන අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි දන්නවා රටේ අවම පඩිය කීයද කියලා. ඒ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් ආර්ථිකයක් හැදීම ආණ්ඩුවේ වගකීමක් යැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න