රටේ ග්‍රාමීය ප්‍රදේශ නගා සිටුවීම සඳහා රජය මේ වන විට සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයකට අධික ප්‍රමාණයක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ඉතිහාසයේ කිසිදු යුගයක කෙටි කාලයක් තුල මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් දියත් කර නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
වර්තමානයේ ඇතිවී තිබෙන ගෝලීය මෙන්ම දේශීය ආර්ථික ප්‍රශ්න වලින් ගම ආරක්ෂා විය යුතු බවත් වර්තමානයේ දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම හා එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීම රාජ්‍ය සේවයට එක්වන ඔබ සැමගේ වගකීමක් වී තිබෙන බවද වික්‍රමසිංහ මහතා පවසා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (22) දින අරලියගහ මන්දිරයේදී පැවති නව ග්‍රාම සේවා නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
ගමේ පාලනය ඉතා වැදගත් අංගයක් බව කිව යුතුයි. ලෝකයේ ඕනෑම රාජ්‍යයක් බිහි වූයේ ගමේ පාලනය තුලින්. මුලින්ම ගම පාලනය කිරීමට ප්‍රධානියෙක් සිටියා. එම ප්‍රධානින් එකතු වී පලාතක් පාලනය කිරීමට ප්‍රධානියා තෝරා ගනු ලැබුවා. ඔවුන් විසින් රටක් පාලනය සඳහා ප්‍රධානියා තෝරා ගත්තා. එසේ නම් අද පාලනය ක්‍රමයේ මූලය වන්නේ ගමයි.
ගමේ පාලනයත් වැදගත් !
ලෝකයේ අද පවතින පාලන තන්ත්‍රය ක්‍රම ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ ගමේ පාලනය ද වැදගත් වුණා. ඒ සඳහා බි්‍රතාන්‍ය සමයේදී මුලාදෑනියා නමින් ගම් පාලනයට නිලධාරීන් සිටියා. ග්‍රාම නිලධාරී තනතුරු බිහිවූයේ් ඉන් පසුවයි. අද වන විට බිම් මට්ටමේ මූලික පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ ග්‍රාම නිලධාරීන් විසින්. රජයේ කටයුතු බහුල වීමත් සමඟ ජනතාවට ඒ සඳහා විවිධ කටයුතු වලට අවශ්‍ය ලිපි ලේඛන, සහතික, ගෙවීම් ආදී සියලූ කටයුතු සඳහා ගම් මට්ටමින් සිටින්නේ ග්‍රාම නිලධාරියායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, දිසා ලේකම් හා ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් ගමට මෙම පරිපාලන කටයුතු ගෙන යනු ලබනවා.
එසේ නම් ග්‍රාම නිලධාරීන් වන ඔබේ කාර්ය වන්නේ ජනතාවට සේවය කිරීමයි. ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සහ අවශ්‍ය සහතික, ලිපි සපයාදීම, එසේම රජයට අවශ්‍ය ලිපි ලේඛන සපයා දීම ද ඔබ නිසියාකාරව සිදු කළ යුතුයි. ඔබට එම කාර්යයන් නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වුවහොත් ගමේ ජනතාව ඔබට විරුද්ධව නැගී සිටිනු ඇති. ජනතා කටයුතු නිසි ලෙස ඉටු කිරීමෙන් ඔබට ගමට විශාල සේවයක් සිදු කිරීමට හැකිවෙනවා.
විශේෂයෙන් අද ලෝකයේ පවතින පරිවර්තන යුගය තුල පරිඝනක, ලැප්ටොප් ආදී නවතාක්ෂණය භාවිත කිරීමට ඔබට සිදුවනවා. ඒ සඳහා අලූත් ක්‍රමවේදයක් සකස් කරනු ලබනවා. මීට අමතරව ගමේ සිදුවන සංවර්ධන කටයුතු භාර විවිධ නිලධාරීන් සිටින බැවින් ග්‍රාම නිලධාරීන් වන ඔබට ඔවුන් සමඟ එකට එකතු වී වැඩ කිරීමට සිදුවනවා.
තෙල් මිල ඉහළයාම - ඩොලරය ශක්තිමත්වීම ලෝකයටම බලපාලා !
මේ වන විට ගමේ ආර්ථිකය ආරක්ෂා කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. වර්තමානයේ ඇති ගෝලීය මෙන්ම දේශීය ආර්ථික ප්‍රශ්න තුලින් ගම ආරක්ෂා විය යුතුයි. විශේෂයෙන් වාර්තමානයේ සමස්ත ලෝකයේම ආර්ථිකයට බලපාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තෙල් මිල ඉහල යෑම. අනෙක් කාරණය නම් අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමයි. ඩොලරය ශක්තිමත් වීමත් සමග රුපියලේ වටිනාකම අඩුවනවා. අප රටේ පවතින්නේ අපනයන ආර්ථිකයක් නොවන නිසා මෙසේ සිදුවනවා.
අපනයන ආර්ථිකයක් පවතිනවා නම් තමන්ට අවශ්‍ය විදේශ විනිමය අපනයන තුලින් ලබා ගැනීමෙන් ඩොලරය ශක්තිමත් වීම ගැටළුවක් නොවේ. එවිට ගැටළුව වන්නේ තෙල් මිලයි. නමුත් අද වන විට ලංකාවට අපනයනය තුලින් විදේශ විනිමය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඒ නිසා ඩොලරයේ වටිනාකම වැඩිවන විට ගැටළු මතුවෙනවා. මෙසේ ආර්ථික අර්බූද වැඩිවීම ගමේ ආර්ථික අර්බූද ඇතිවීමට බලපානු ලබනවා. තෙල් මිල වැඩිවූ විට ගෙදර ආදායම ගමේ ආදායම, රටේ ආදායම අඩුවනවා. එසේම ආනයන භාණ්ඩ වල මිල වැඩිවෙනවා. එවිට අපේ අතේ ඇති මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා අපි අද ගමේ ආර්ථික ආරක්ෂා කිරීමට ගම් මට්ටමින් විශාල ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඉන් ප්‍රධාන වැඩසටහන වන්නේ ගම් පෙරලිය බව කිව යුතුයි.
ගම් පෙරළිය වැඩසටහන යටතේ අපි ව්‍යෘපෘති රාශියක් ආරම්භ කළා. විමධ්‍යගත අයවැයෙන් එම වැඩකටයුතු කරගෙනයනු ලබනවා. ඊට අමතරව ඒ ඒ අදාල අමාත්‍යාංශ එනම් වයඹසංවර්ධන, දකුණු සංවර්ධන ආදී අමාත්‍යාංශ විසින් අදාල ප්‍රදේශයන්ට මුදල් සපයා දෙනවා. මහාමාර්ග දෙපාර්තමේන්තුවෙන් මාර්ග තැනීමට මුදල් සපයා දී තිබෙනවා. එසේම මධ්‍යම ආණ්ඩුවෙන් පමණක් අපි නිවාස ඉදි කරනවා. මේ ආකාරයට විශාල වැඩ කොටසක් බිම් මට්ටමෙන් සිදු කරගෙන යනවා.
බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් !
ග්‍රාමීය ප්‍රදේශ නගා සිටුවීම සඳහා මේ වන විට බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් පමණ සාර්ථක කර තිබෙනවා. ඒ අතරින් පනස් දහසක් ගම්පෙරලිය නිසා අලූතින් බිහිවූ ව්‍යාපෘති බව කිව යුතුයි. ඒ සඳහා රුපියල් බිලියන 20ක් අපි යොදවා තිබෙනවා. ඊට අමතරව මාර්ග වැඩසටහන්, විමධ්‍යගත අයවැය වැඩසටහන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආදී සියල්ල එකතු කළ විට බිම් මට්ටමෙන් ලක්ෂයකට වැඩි ව්‍යාපෘති ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් සිදු කරනවා. මෙය එක් කාල සීමාවක් තුලදී ලංකා ඉතිහාසයේ සිදු කළ වැඩිම බිම් මට්ටමේ සංවර්ධන වැඩ පිළිවෙලයි.
සංවර්ධනය තුලින් යම් කිසි මුදලක් ගමට ලැබෙනවා. ගමට මුදල් ලැබීමේදී කාරණා දෙකක් පිළිබදව අවධානය යොමු කළයුතුයි. මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඔබට ලබා දෙනවා. එහිදී ආදායම් එකතු කරන වැඩකටයුතු වලදි පරීක්ෂාකාරී විය යුතුයි. අනෙක් කාරණාව ගමට මුදල් ලැබුණු පසු නිසි කලට වේලාවට ඒ කටයුතු වලට මුදල් යෙදවිය යුතුයි. එම අවස්ථාවේදී එය ඔබට අයිති කාර්යයක් නොවේ යැයි සිතා ඉන් ඈත් නොවිය යුතුයි.
මෙලෙස ගමට අවශ්‍ය වැඩ කටයුතු කිරීමට ඔබට නායකත්ව දීමට හැකියි. මේවා විශාල කාර්යයන්. ගෙවුණු කෙටි කාලය තුල මේ ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. නමුත් සමහරු ආණ්ඩුව කලේ කුමක්දැයි විමසනවා. අපි සෑම ග්‍රාමීය නිලධාරි කොට්ඨාශයකම සංවර්ධන ව්‍යාපෘති දෙක තුනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේවා ගම් මට්ටමෙන් කරන කටයුතු මිස මධ්‍යම රජය විසින් සිදු කළ යුතු නැහැ.
මෙම කටයුතු ප්‍රාදේශීය සභාව හෝ පළාත් සභාවට භාර ගන්නැයි මධ්‍යම රජයට පැවසිය හැකියි. නමුත් අද අපේ ගම් වලට මුදල් යෙදවීමට අවශ්‍ය නිසා මධ්‍යම රජයට මෙම බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්ෂයක් පමණ ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යනවා.
මෙම වැඩකටයුතු ප්‍රමාද නොකර කඩිනමින් සිදුකරන මෙන් මම අපේ පළාත් සභා ඇතුළු මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රාදේශීය හා දිසා ලේකම්වරුන්ට ද මේ පිළිබඳව උපදෙස් ලබා දෙනවා. බිම් මට්ටමේ සිටින ඔබ සියලූ දෙනාද මේ කටයුතු සිදු කල යුතු බව මතක් කරන්න කැමතියි.
මේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් අපි වෙන්කරගෙන තිබෙනවා. අපිට මුදල් නැති වේ යැයි බොහෝ දෙනෙක් තුල බියක් තිබෙනවා. නමුත් අපිට විදේශ විනිමය සංචිත තිබෙනවා. සමහර විට අපිට වැඩිපුර ණය ලබා ගැනීමට සිදුවේවි. එමෙන්ම සමහර විට වැඩියෙන් ආදායම් එකතු කර ගැනීමට සිදුවෙයි. වර්තමානයේ ගෝලීය ආර්ථික අර්බූදයක් පවතින විට අපේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ඉදිරියට ගෙන යෑමට අපි ක්‍රියා කරනවා.
අපි ආයෝජන සිදු කරනවා. විශාල වැඩසටහන් ආරම්භ කරනවා. නමුත් මේ සියල්ල එකවර ගමට එන්නේ නෑ. ගමේ අලූත් ව්‍යාපාර යටතේ ව්‍යාපෘති ලක්ෂයක් පමණ සිදු වනවා. ඒ පිළිබද ප්‍රගති සමාලෝචන සිදුකරනවා. එහිදී ප්‍රශ්න ගණනාවක් මතුවී තිබෙනවා. එනම් කාර්මික නිලධාරි හිඟය. කලට වේලාවට ඇස්තමේන්තු සකස් කර වැසි සමයට පෙර මේ කටයුතු නිම කිරීමට අපේක්ෂිතයි.
අපිට පසුගිය කන්න හතර පහකදීම නියඟයකට මුහුණ දීමට සිදුවුණා. එම ගම්වලට කෘෂි ආදායමක් තිබුණේ නැහැ. නමුත් යලි වැසි වහිනවා. කෘෂි ආදායමත් ලැබෙනවා. මේ ආදායම් දෙකම එකතු කර සිංහල අවුරුද්ද වන විට ගමට හොඳ වාතාවරණයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
අප රටට දේශගුණ විපර්යාසයට හා ගෝලීය ආර්ථික අර්බූද වලට ද මුහුණ දීමට සිදුවෙනවා. ඒ සඳහා අපි සූදානම්. ආරම්භයේදී අපට විශාල ණය බරක් තිබුණා. ජනතාවගෙන් බැණුම් අසමින් හෝ ණය බර ප්‍රශ්නයට විසදුමක් සොයා දුන්නා.
ඊළඟට නියඟය, ගං වතුර හා කුණු කන්දට මුහුණ දීමට තිබුණා. ඒ තුලින්ද ගොඩ ඒමට හැකිවුණා. අප සියලූ අභියෝගවලට මුහුණ දෙමින් බිම් මට්ටමේ සාර්ථකත්වය ඔබේ සහයෝගය අවශ්‍ය බව මා මෙහිදි සදහ්න කරන්න කැමතියි.


