"ලංකා-මහජන" බැංකු දෙකම මෛත්‍රීට !   

"ලංකා-මහජන" බැංකු දෙකම මෛත්‍රීට !   

ලංකා බැංකුව සහ මහජන බැංකුව සඳහා නව සභාපතිවරියන් දෙදෙනෙකු නම්කර යැවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ලංකා බැංකුව සඳහා සුජාතා පෙරේරා සහ මහජන බැංකුව සඳහා දමිතා ද සොයිසා නම් කර විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත යොමුකර ඇති බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

"දිගටම ඉන්න" : එජාපය ලංකා බැංකු සභාපතිට දන්වලා !

මේ අතර ලංකා බැංකුවේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා ට එම ධුරයෙන් ඉවත් නොවන ලෙස එක්සත් ජාතික පක්ෂය දන්වා ඇති බවද වාර්තා වෙයි. ඒ අනුව ඔහු මෙතෙක් තම ඉල්ලා අස්වීම ලබාදී නොමැති බවද දැනගන්නට ඇත.

හේමසිරි ප්‍රනාන්දු : තීන්දුවක් අරගෙන 

තවද මේ වන විට මහජන බැංකුවේ සභාපති, මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පසුගියදා පත්වීම ලැබූ හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව දැනගන්නට ඇත.

එසේම ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න