"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්  

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්  

දේශීය ව්‍යවසායකයින් නංවාලන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ණය යෝජනා ක්‍රමයේ සේවා වඩාත් පුළුල් මෙන්ම විධිමත්  කරමින් ඊයේ  (23) නව ක්ෂණික දුරකතන අංකයක්  ලෙස "1925" ලෙස හඳුන්වාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ ය.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර එහිදී අමාත්‍යවරයා  දක්වා ඇත.

"පසුගිය අයවැය ඉදිරිපත් වන අවස්ථාවේ 2017 නොවැම්බර් මාසයේදී අපි යළි වතාවක් ශ්‍රී ලංකාවේ අතීත අභිමානය ඇති කිරීම සඳහා විශේෂයෙන් වෙළෙඳාම මුල් කර ගත් රටක් ලෙස එදා පැවැති ස්ථානය යළි ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංකල්පය ඉදිරිපත් කළා.

මීට මාස කිහිපයකට පෙර ඒ ණය යෝජනා ක්‍රමය ආරම්භ කළා. එය ආරම්භ කර මේ වන විට ඉතා මත් හොඳ ප්‍රගතියක් ඒ තුළින් දකින්නට ලැබෙනවා. විශේෂයෙන් පසුගිය මාස තුන තුළදී පමණක් අපි මේ වැඩසටහන යටතේ ණය 29389 ක් ලබා දී තිබෙනවා. එමෙන් ම රුපියල් මිලියන 58817 කට අධික ණය මුදලක් මේ වන විට ජනතාව අතරට ගිහින් තිබෙනවා. මේ ණය මුදල් ලංකාව පුරා විහිදී යන ආකාරයෙන් මේ වැඩසටහන ඉතා ජනප්‍රිය බව පෙනෙනන්ට තිබෙනවා.

මහනුවර 1476 ක්, මාතලේ 1048 ක්, නුවරඑළිය 772 ක්, අම්පාර 1299 ක්, මඩකලපුව 912ක් ත්‍රිකුණාමලය 510 ක්, අනුරාධපුර 1222ක් පොළොන්නරුව 782 ක්, යාපනය 497 ක් ගාල්ල 1341 ක්, හම්බන්තොට 4842 ක්, මාතර 1481 ක්, කොළඹ 2780 ක් ආදී වශයෙන් මේ ණය යෝජනා මේ වන විටත් ලැබී තිබෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න