'විල්පත්තු විනාශය, බැදුම්කර හානියට වඩා වැඩියි'

'විල්පත්තු විනාශය, බැදුම්කර හානියට වඩා වැඩියි'
''බැසිල් විල්පත්තු විනාශයට වග කිව යුතුයි''- ඥානසාර හිමි

විල්පත්තු විනාශය, හෙජින්, ග්‍රීක් බොන්ඩ්, ශ්‍රී ලංකන්, මිහින් හා බැදුම්කර වල හානියට වඩා වැඩි බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

බොදුබල සේනා මූලස්ථානයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, විගණකාධිපතිගේ විල්පත්තු වාර්තාවට අනුව බදුර්දීන් අමාත්‍ය මහත්මයෙක් නම් රවී කරුණානායක මහතා වගේ තනතුරින් ඉල්ලා අස්වී පරීක්ෂණ වලට සහය විය යුතුයි..එසේ නොමැතිනම් යහපාලන මුලධර්ම අනුව අස් කල යුතුයි'' යයි ද පැවසූහ.

ඉඩම් අක්කර 3000ක් අයිති කරගෙන:

 කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාද් බදියුර්දීන් මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් වනාන්තර කපා ඉඩම් අක්කර 3000ක් අයිති කරගෙන ඇතැයි ද උන්වහන්සේ පවසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“ ඔහු විසින් මඩකලපුව, මන්නාරම,මුලතිව්, යන ප්‍රදේශවල වනාන්තර කපා මෙතෙක් කල් ඉඩම් අයිතිකර ගැනීම් සිදු කළ අතර මේ වනවිට බදියුර්දීන් මහතාගේ සහෝදරයාට අම්පාර ප්‍රදේශයේ කැලෑ කපා ඉඩම් අයිති කරගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

1995 වසරේදී දේශපාලනයට පැමිණි බදියුර්දීන් මහතා මේ දක්වා කෝටි ගණනක වත්කම් හා දේපොළ උපයා ගත් ආකාරය වගකිව යුතු අංශ සොයා බැලිය යුතුයි.” යැයි ද පවසා සිටියහ.

 රාජපක්ෂලගෙ බත් ගිලගිල හිටපු අය ?

'' 2014 බොදු බල සේනා විල්පත්තු සටන අද තීර්ණාත්මක මට්ටමකට පැමිනිලා.. රාජපක්ෂ ජනාධිපති මේ විනාශය ගැන කතා කිරීමෙන් මග ඇරියා..බැසිල් මේ විනාශය ගැන වග කිව යුතුයි. සිරිසේන ජනාධිපති යම් පියවර ගැනිම හොදයි ..ඒත් ප්‍රමාණාත්මක නැහැ.'' යයි ද උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී පවසා සිටියහ.

මහින්ද හෙට ආණ්ඩුවක් හැදුවොත් බදුර්දීන් එකෙත් ඇමති කෙනෙක් යයි පැවසු ඥානසාර හිමියන්, '' එදා විල්පත්තුවෙ විනාශය ගැන අපි හෙලිකරන කොට පූස් පැටව් වගේ සද්ද නැතුව රාජපක්ෂලගෙ බත් ගිලගිල හිටපු රතන හිමියි ගෝලයොයි අද විල්පත්තු සටනෙ අයිතිකාරයො වෙලා'' යයි ද පැවසුහ.

Video

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න