බැඳුම්කර වාර්තාව ඒමට පෙර රවී කියන කතාව (වීඩියෝ)

බැඳුම්කර වාර්තාව ඒමට පෙර රවී කියන කතාව (වීඩියෝ)
''බැඳුම්කර වාර්තාවෙන් මම නිර්දොෂිබව බව තහවුරු වෙනවා''

''බැඳුම්කර සිද්ධියට අදාළ කොමිසමේ වාර්තාව දෙසැම්බර් 31 ට පෙර ජනාධිපතිතුමාට බාරදේවි. එදාට සත්‍ය ජයග්‍රහණය කරනවා. මම නිර්දොෂිබව බව තහවුරු වෙනවා'' යයි හිටපු විදේශ ඇමති රවී කරුණානයක මහතා අවධාරණය සිටියේය.

ඒ බැඳුම්කර කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් අප කළ ප්‍රශ්නවලට පිළිතුරු දක්වමිනි.

අප විසින් යොමුකළ ප්‍රශ්න හමුවේ ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙසේය.

 ප්‍රශ්නය:

ඇමතිතුමා, මේ 30 වෙනිද වෙනකොට බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව නිකුත්කිරීමට නියමිතයි. ඔබතුමාට මොනවද හිතෙන්නේ ඒ ගැන?

 මාධ්‍ය සර්කස් එකකට යටවුනා !

 රවී :

ඇත්ත වශයෙන්ම මට හිතන්න දෙයක් නෑ, මම ඒ අවස්ථාවේ දී මාධ්‍ය සර්කස් එකකට යටපත්වෙලා තමයි මේ වගේ දෙයක් කෙරුවේ.

නමුත් මට අවශ්‍යවුනා අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. මොකද ඇත්ත දැනගන්න අවශ්‍යයි, මට මේකෙන් ඔප්පු කරන්න ඕනේ අපි දේශපාලනයෙන් යැපෙන්නේ නෑ, අපි දේශපාලනයට ඇවිත් තියෙන්නේ ජනතාවට සේවය කරන්න කියන එක.

මම හිතන විදියට දෙසැම්බර් 31 ට පෙර ජනාධිපතිතුමාට වාර්තාව බාරදෙනවා. මම එදා කිවුවේ මේකෙ සත්‍ය ජයග්‍රහණය කරන අවස්ථාවට ගේනවා කියල. මම දේශපාලනය නැවැත්තුවෙ නෑ මගේ ඇමතිකම විතරයි තාවකාලිකව අයින් කරේ.

මට අවශ්‍යකරේ කමිෂන් සභාවේ නිලධාරීන්ට කිසිම බාදාවක් ඇති නොකර, ඇමතිවරයෙක් ඉන්නවා කියලා හිතාගෙන පරීක්ෂණ යටපත් කරගෙන කටයුතු කිරීම නොවෙයි.

හැබැයි ඉදිරියට අනිත් අමාත්‍යංශ මේක ආදර්ශයට ගන්න අවශ්‍යයි. එකෙන් පෙන්නුවේ දේශපාලනයේ අපිට යම්විදිහේ ප්‍රශ්නයක් ඇතිවුනොත් ඒක සාධාරණ හෝ අසාධාරණ වුණත් පරික්ෂණ සඳහා සහය දීමයි.

මට නම් වුනේ අසාධාරණයක්, ඉදිරියට ඒක තීරණය වෙයි.

ප්‍රශ්නය:

මේ වාර්තා නිකුත්වීමෙන් පසු ඔබතුමාගේ දේශපාලනය කෙබඳු එකක් වෙයිද?.

 සීග්‍රයෙන් ඉදිරියට යන්න අදහස් කරනවා:

රවී :
ඊට පසු ක්‍රියාශ්‍රීලී දේශපාලනය අපි ඉදිරියට ගෙනියනවා. මොකෝ අපිට අවශ්‍ය අවංකව දේශපාලනය කිරීමටයි. මෙතන වුනේ ඇත්තෙන්ම එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ පෞද්ගලික උවමනාවන් වලට අපිවගේ ඉදිරියට තල්ලු කරගෙන යන දේශපාලකයො නවත්වන්න හදපු එක.

වාර්තාව නිවැරදි වුනාට පසුව, මම ඉතාමත් සීග්‍රයෙන් ඉදිරියට යන්න අදහස් කරනවා.

ප්‍රශ්නය :

මේ දවස්වල ඔබතුමාගේ දේශපාලන කටයුතු කොහොමද?

නව දේශපාලන සංස්කෘතියක්:

රවී :

මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ඉඳන් එම පාක්ෂිකයන්ගේ දුක් කන්දරාවල් අසාගෙන ඒ අය එක්ක ඉන්නවා. ඒ වගේම ඡන්දයකුත් ආව, ඒ නාමයෝජනා වලට මම හුඟක් උදවුවුනා. ඒ සියළුදෙනාගේ ප්‍රශ්න යටපත් කරගෙන අපි ජයග්‍රහණය කරන ස්වරූපයකට අපි ගෙනත් තියෙනවා.

මොකද එක්සත් ජාතික පාක්ෂිකයන් තමයි මාව එදා පත් කරේ. එයාලට මම විශ්වාසයක් ඇති කරල තියෙනවා. මට අවශ්‍ය වන්නේ එය තවත් ඉදිරියට ගෙනයන්න පුළුවන් නව දේශපාලන සංස්කෘතියක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇති කරන්න.

ප්‍රශ්නය :

ඔබතුමාට මොකද හිතෙන්නේ මේ සැරේ ප්‍රාදේශීය සභා මැතිවරණය කෙබඳු තත්ත්වකට පත්වෙයිද?

මෛත්‍රී - රනිල් අත්වැල් බැඳගැනීම අවශ්‍යමයි :

රවී :

මම හිතන විදියට එක්සත් ජාතික පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගන්නවා. ඒ අත්පත් කිරීම තුලින් අපට අවශ්‍ය වන්නේ සියළුදෙනාගේම බලය, ඉංග්‍රීසියෙන් කියනවනම් concentrate politics හැමදෙනාගේම බලය පාවිච්චිකරගෙන ඉදිරියට යෑම තමයි අවශ්‍ය වෙන්නේ.

වැඩියෙන්ම අගමැතිතුමත් ජනාධිපති තුමත් එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යෑමෙන් තමයි මම හිතන විදිහට මේ රටේ ඉදිරි දැක්මක් සහිතව වර්ධනයක් ඇති කරන්න පුළුවන් වන්නේ.

මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් එකතු වුනොත් කියලා, එතුමගේ පක්ෂයත් තියෙනවා. එතනදී සාධාරණව කතාකරල ඉදිරියට යන එක තමයි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය :

මිනිස්සු ගොඩක්වෙලාවට කතාකරනවා ආර්ථිකය ගැන, හිටපු මුදල් ඇමති තුමා හැටියට රටේ ආර්ථිකය ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ?

මංගල කතාවට යොමුවෙලා වැඩියි:

රවී :

මට කියන්න තිනේනේ අපි එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාරගන්නකොට රටේ ආර්ථිකය දනගස්සල වට්ටල තිබ්බේ. ඒත් අපිට පුළුවන් වුනා ඉතාමත්ම කෙටි කාලයකින් ජනතාවට යම් විදියකට වරප්‍රසාද ලබාදීල රට යථා තත්ත්වයට පත් කරගන්න.

ඒ යනගමන හිමින් වුනත් එහි සාර්ථකත්වයක් තිබුනා. එදා ආදායම 10.7% ක තිබුන එක අපි 15% දක්වා වර්ධනය කරන්න අපට පුළුවන් වුනා.

ඒ නිසා මම හිතන විදියට ඒක රටට ලොකු රුකුලක් වුණා.

නමුත් මේ අවස්ථාවේදී අපේ අමාත්‍ය මංගල කතාවට යොමුවෙලා වැඩී වැඩ අඩුවෙලා. අන්න ඒ නිසා මේක සීග්‍රයෙන් වෙනස් කරන්න අවශ්‍යයි.

ජනතාව බලාගෙන ඉන්නේ හේතු සහගත උත්තර නෙවෙයි. එයාලට වැඩ අවශ්‍යයි. වැඩ ඉදිරියට ගෙන යෑමට ඉතාමත් සෘජු තීන්දු ගන්න අවශ්‍යයි.

නමුත් අද යහපාලනය තුල ඒක අනිසිලෙස බලපාල තියෙන්නත් අපි වගේ වැඩ කරන කණ්ඩායමට, මොකද යමක් වුනාම හැමවෙලාවෙම වපර ඇහෙන් බලනවා. අවුරුදු දෙකක් ගියහම අනේ මේක බොරුවක් නේ කියල අවබෝධ කරගන්නකොට එම කාලාන්තරය තුල රට ආගාතයට ගිහින් ඉවරයි. ඒ වගේ තත්වයක් තමයි අද පේන්න තියෙන්නේ.

ඉතින් ඒ නිසා මම හිතන විදියට පුළුවන් තරම් ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකතුවෙන්න ඕනෙ මේ රට හදන්න. අනික 100 ක් අවශ්‍ය නෑ මේක හරියට කරන පස්හය දෙනෙක් හිටියම ඇති. ඒ අය ඉදිරිපත් කරල රට තල්ලු කරගෙන යන වැඩපිළිවෙලක් අපි ඉක්මනටම හදන්න අවශ්‍යයි.

ඒ වගේම මේ ප්‍රාදේශීය ඡන්දය අවසන් කරල ඊලඟට අපි කළ යුත්තේ ජනතාවට දුන්න පොරොන්දුව ක්‍රියාත්මක කරන එක.''

 සබැඳි පුවත් :

'බැදුම්කර හොරා මා නොවේ' - රවි කියයි (වීඩියෝ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න