පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් අතුරින් 10% කට ආසන්න ප්‍රමාණයකට ජාතික හැඳුනුම්පත නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයේදී මාධ්‍ය අවභාවිතාව වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන ගැසට් නිවේදනයේ සඳහන් කරුණු බලාත්මක කිරීම පිළිබඳව මාධ්‍ය ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
ඡන්දය භාවිතා කිරීමේ දී ජාතික හැදුනුම්පත අනිවාර්ය බවත් තමන්ගේ අන්‍යයතාවය ඔප්පුකළ නොහැකි නම් කිසිවෙකුට ඡන්ද මධ්‍යස්ථානයට මෙන්ම ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළටද ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බවද සභාපතිවරයා පැවසීය.
එසේම හැදුනුම්පත් නොමැති අය සඳහා ජනවරි 2 සිට තාවකාලික හැදුනුම්පතක් ලබාදීමට කටයුතු කෙරෙන යැයි ද මහින්ද දේශප්‍රිය පැවසීය.
එහිදී මාධ්‍ය උපමාන සම්බන්ධව අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙසේ පැවසීය.
“ජාතිභේදය, ආගම් භේදය කුල භේද ඇතිවන ආකාරයට වෛරී භාෂාව ඡන්දයේ දී භාවිත කරන්න එපා. දැන් පෙළපාලි යන්න බෑ. ඡන්දයේ දී පෙළ පාලී යෑම තනනම්. නිවැරැදි කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න. රටේ පුරවැසියාට පක්ෂ පාති වෙන්න. අප පක්ෂපාතිවන්නේ පුරවැසියාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණයි. ජනමත සමීක්ෂණ පුවත් මැතිවරණයේ දී ප්‍රචාරය කෙරෙනවා. ඒවා දානවා නම් නියැදි, කාලය, කවුද කළේ කියලා විස්තර සහිතව දැමීම වැදගත්. රාජ්‍ය දේපළ යෝදාගෙන ප්‍රචාරය කරනවා නම්, ප්‍රවේශම්වන්න. යම් යම් ආධාර දෙනවා නම් එය අල්ලස් යටතේ එන වරදක්. ඡන්දයේ දී බඩු බෙදීම අල්ලස් වරදක්. අප බලපොරොත්තු වන්නේ මැතිවරණ නීතිය අරක්ෂා කරන්නයි"

