ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
දෙසැම්බර් 31 වනදාට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාළන මැතිවරණයට මුලික අවධානය යොමු කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පසුවට කල්තැබූ බවද ඔහු පැවසීය.
ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දෙසැම්බර් 31 වනතෙක් ආණ්ඩුවේ රුදී සිටින ලෙසත් ඉන්පසුව තීන්දුවක් ගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.
පුංචි ඡන්දයෙන් පසු එජාප ආණ්ඩුවක් !
මේ අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ලබන වසරේදී එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති ජන හමුවකදීය.
පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීමට නම් පළාත් පාලන මැතිවරණයේ බලය පෙන්විය යුතු බවද අමාත්‍යවරයා පැවසිය.
ඒ සඳහා දිවි හිමියෙන් කැප විය යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාක්ෂිකයන්ට දැනුම් දී සිටියේය.

