මහින්දගේ මන්ත්‍රී ධුරය මෛත්‍රීගේ අතේ !

මහින්දගේ මන්ත්‍රී ධුරය මෛත්‍රීගේ අතේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි වන ආකාරයෙන් වෙනත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඕනෑම කෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන් වන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ බලය පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවැරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

ශ්‍රී ලනිප ව්‍යවස්ථාවේ 26-1, 26-2 සහ 26-3 වගන්තිවලට අනුව සෑම සාමාජිකයකුම පාක්ෂික වගකීම, විනය ආරක්ෂා කිරීමට බැඳී සිටින අතර ඒවාට විරුද්ධව කටයුතු කරන අයට ලැබෙන තොරතුරු අනුව විනය පරීක්ෂණ පැවැත්වේ.

මේ පිළිබඳව පක්ෂයේ සියලු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන් දැනුවත් කරමින් ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි වන ආකාරයෙන් වෙනත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන ඕනෑම කෙනකුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

duminda dissanayake

පක්ෂයට වැදගත් පුද්ගලයා කවුරුන්ද නොව, ප්‍රතිපත්තිමය කරුණුයි ...

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන ජනවාරි 2දා මැතිවරණ ප්‍රචාරක කටයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට තිබෙන සූදානම සහ ඊට සහභාගි වන පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගන්නවාදැයි දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කරමින් කීවේ,

තමන්ට වැදගත් පුද්ගලයා කවුරුන්ද නොව, ප්‍රතිපත්තිමය කරුණු බවය.

පක්ෂයේ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ඕනෑම කෙනකුට එරෙහිව තරාතිරම නොබලා අනිවාර්යයෙන්ම විනය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

cartoon Mahinda hand or lotusශ්‍රීලනිපයේ විරෝධය නොතකා මහින්ද පොහොට්ටුව අතට ගනී

 මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණ නොතකා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මැතිවරණ ව්‍යාපාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ගෙන යෑමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කොට තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේ ඡන්ද ප්‍රචාරක වැඩසටහන ලබන ජනවාරි 02 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් අරඹන බවයි.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවිය යුත්තේ ඇයිද කියා මෙහිදී රටට හෙළිකරන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තරග කරන සියලුම දේශපාලන පක්‍ෂවල නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන සියලුම අපේක්‍ෂකයන් රට ආරක්‍ෂා කරමින් ගම දිනවීම සඳහා විශේෂ ප්‍රතිඥාවක් ද මෙදින රට හමුවේ තබන බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න