ඊ.ඒ.පී. සමාගම තමන්ගේ ව්‍යාපාර මැලේසියාවට අලෙවි කිරීමට කටයුතු කිරීමට සුදානම් වීම තුලින්, තමා සති කිහිපයක සිට කියන රටේ දැවැන්ත මූල්‍ය අර්බුදය තහවුරුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
''සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරනවා. ඊ.ඒ.පී. සමාගම තමන්ගේ ව්‍යාපාර මැලේසියාවට අලෙවි කිරීමට කටයුතු කරන බව, මම සති කිහිපයක සිට කියන දැවැන්ත මූල්‍ය අර්බුදය ගැනයි මේ හෙළි වෙන්නේ. මේ දේවලින් මූල්‍ය අර්බුදයක් ඇතිවෙන බව දැනෙන්න ඕනේ. අය - වැය ලේඛනයෙන් පසු පාර්ලිමේන්තුව තුළදී එක්සත් ජාතික පක්ෂ බලවතුන් කළ ප්‍රකාශ තමයි මේ තත්ත්වයට හේතු වුණේ. '' යයි බන්දුල ගුණවර්ධන මහතා පැවසුයේ, ඊයේ (26දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මුල්‍ය වෙළදපල කැළඹීලා :
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම දෙසැම්බර් මස 05 වන දින රටට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මුල්‍ය වෙලදපල අයෝජකයන් කැළඹී ගොස් ඇති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසිය.
මෙරට මුල්‍ය ආයතන තුනක බලපත්‍රයන් අහෝසි කිරීම මහ බැංකුව නිවේදනය කර ඇති බවත් එමගින් කොටස් වෙළඳපල පවා කඩා වැටෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
''සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ බලපත්‍රය අහෝසි කරන්න බලාපොරොත්තු වන බවයි මහ බැංකුව ඉන් කියන්නේ ඊට අතිරේකව ස්ටෑන්ඩඩ් කේරඩිට් ලිමිටඩ්, සිටි ෆිනෑන්ස් කෝපරේෂන් සමාගම් දෙක තුළත් දීර්ඝ කාලයක සිට කඩාවැටීමේ අර්බුදයක් ඇති වෙලා.
තැන්පත්කරුවන් 12,000ක් පමණ පිරිසකට පවුල් ලක්ෂ ගණනක තැන්පත් කළ මුදල් ආපසු ලබා ගැනීමේ අර්බුදයක් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. '' යයි ද මන්ත්‍රීවරයා පැවසිය.
එම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද පැවසිය.
තැම්පත්කරුවන් අනාතයි :
''ජේයෂ්ඨ පුරවැසියෝ, විශ්‍රාමිකයෝ හා සාමාන්‍ය තැන්පත්කරුවෝ මේවායේ මුදල් තැන්පත් කර තිබෙනවා. ගෝල්ඩන් කී කඩා වැටුණු අවස්ථාවේ තමන්ගේ හිතවතුන් බේරා ගැනීමට මහජනයාගේ බදු මුදලින් මේ තැන්පත්කරුවන්ට ගෙවීම් කළා. පෞද්ගලික අංශයේ ආයතනයක් කඩා වැටුණාම ඒ සඳහා මහජනතාවගේ බදු මුදලින් ගෙවීම් කරන ක්‍රමවේදයක් ලෝකයේ නැහැ.
කොහොම නමුත් රාජ්‍ය මූල්‍ය හසුරුවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහජනයාගේ බදු මුදලින් ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට ගත් ක්‍රියාමාර්ගය වැරැදි බවට දෝෂාරෝපණය කර තිබෙනවා.
ඒ නිසා දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2011දී කඩා වැටෙන මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් ක්‍රමවේදයන් දක්වලා තියෙනවා. ඒ අනුව මහජනතාවට, මුදල් තැන්පත් කරන අයට සුරක්ෂිතභාවය ඇතිකිරීමටත් සමස්ත මූල්‍ය ක්‍රමය සුරක්ෂිත කර ගැනීමේ වගකීමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැටවෙනවා.''
ලංකාවේ අද ඇතිවී තිබෙන මුල්‍ය අර්බුදය හා එකිනෙකට පරස්පර බරපතල ප්‍රකාශයන් නිසා මුල්‍ය ක්‍ෂෙත්‍රයට ආයෝජනය කිරීම කිසියෙකු නොඑන තත්වයට පත්ව ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.
මේ තත්වය නිසා මුල්‍ය ආයතනවල තැන්පත්කරුවන් සිය තැන්පතු ඉවත් කර ගැනීමට කටයුතු කලහොත් අර්බුදය තවත් දරුණු වන බවද ඒ මහතා පැවසිය.
ජනාධිපතිවරයා ගෙන් ඉල්ලිමක් :
එසේම, පසුගිය ආණ්ඩු සමයේ මූල්‍ය වංචාවන් සිදුව ඇති බවට මතයක් ඇති කිරීම හේතුවෙන් රටේ සමස්ත මූල්‍ය පද්ධතියම කඩා වැටී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය සමාගම් විදේශිකයන්ට විකිණීම, බලපත්‍ර අහෝසි කිරීම වැනි තත්ත්වයන් ඇති වී තිබෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
පසුගිය ආණ්ඩුවට සිදු කරන මෙම චෝදනා සත්‍යද යන්න පිළිබඳව ජනාධිපතිවරයාට විමසීමක් කළ හැකි බවත් මැතිවරණය ගැනම නොසිතා ජනතාවට ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය.

